×

සුවිසල් අධිරාජ්‍යයක නිර්මාපකයා .. මහා ඇලෙක්සැන්ඩර්

මහා ඇලෙක්සැන්ඩර්ගේ කතන්දරේ


අවුරු 20 තරම් කුඩා වයසකදී රජකමට පිලිපන් තුන්වන ඇලෙක්සැන්ඩර් මැසිඩෝනියාවේ 2වන පිලිප් සහ එපිරස් හී නෙප්ටෝල්මස් ගේ දියණය වන ඔලිම්පියාස්ගේ පුතණුවන්ය.

ඇලෙක්සැන්ඩර්ගේ පියා දෙවන පිලිප් ක්‍රි. පූ 356 දී ඝාතනය කරන විට ඔහු මුළු මහත් ග්‍රීසිය පුරාම සිය අණසක පතුරා තිබිණි. ඔහු ග්‍රීසිය එක්සේසත් කළේය.

සිය පියා ඝාතනය වීමෙන් පසු රජකමට පතත් ඇලෙක්සැන්ඩර් ගේ ගුරුවරයා වූයේ සුප්‍රසිද්ධ දාර්ශණික ඇරිස්ටෝටල්ය.

රජකමෙන් පසු සිය දෛවය මෙන්ම ග්‍රීසියේ දෛවයද වෙනස් කරන්නට තරම් ඇලෙක් සැන්ඩර් දක්ෂයෙක් විය. එතෙක් මෙතෙක් ඉතිහාසෙයේ විශාලතම අධිරාජ්‍යයේ නිර්මාණ කරුවා වන්නට ඇලෙක්සැන්ඩර්ගේ උත්සහය සැබවින්ම ඔහුව ශ්‍රේෂ්ටත්වය කරා ගෙන යන ලදී.

ඔහු ගොඩ නැංවූ අධිරාජ්‍ය යුරෝපයේ සිට ආසියාව දක්වාම පුළුල් වී තිබු බව සිතන විටත් අද අපට පුදුමයකි. ර්‍ගිසියේ සිට ඉංදියාව තෙක් ඔහු විසින් ගොඩ නැංවූ සුවිසල් අධිරාජ්‍යයේ එකම පාලකයා වූයේ ඇලෙක්සැන්ඩර් ය. ඒ නිසා ඔහුව අදටද හඳුන්වන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා නමිනි.


ඔහු මේ සුවිසල් අධිරාජ්‍ය ගොඩ නගන විට විසල් බාධාවන්ද තිබුණ බව ඉතිහාසය සඳහන් කරයි. ක්‍රි. පූ 333 පැවති ඉනියුස් සහ සටන ඉන් එකකි. එහිදී ඇලෙක්සැන්ඩර් විසින් පර්සියානු අධිරාජ්‍යයා වූ ඩෙරියස් ව පරාජය කරන ලදී. ඒත් සමග ඔහු ප්‍රධම වතාවට සිය පියාගෙන් උරුම වූ අධිරාජ්‍ය පුළුල් කරන්නට පටන්ගත්තේය. ඇලෙක්සැන්ඩර් විසින් ඩෙිරියස් රජු පරාජය කිරීමත් සමග විසල් පර්සියානු අධිරාජ්‍යයේ බිඳ වැටීම ආරම්බ විය . පර්සියානු අධිරාජ්‍ය කැබලි වලට කැඩෙන්නට පටන් ගත්තේ එතැන් සිටයි. මේ සිදුවීම් අතර තුර සිදු වූයේ ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍ය විශාල වීමයි. තමන්ට පියාගෙන් උරුම වූ භූමිය මේ 50 ගුණයක් උරුම භූමියක් අත්පත් කරගන්නට මේත් සමග ඔහුට හැකි විය.

වයස අවුරුදු 33 වන විට මහා ඇලෙක්සැන්ඩර් ග්‍රීසිය, ඊජිප්තුව, මින් පෙර පැවති සමස්ත පර්සියානු රාජ්‍යයම අද වන විට මැද පෙරදිග නමින් හඳුන්වන ආරාබිය මෙන්ම උතුරින් යුරෝපයේ ඩනියුබ් ගඟ දක්වාද සිය යටතට නතු කර ගත්තේය.

ඔහුට මේ සඳහා ගත වූයේ වසර දහතුනක කාලයකි. ඔහු සැබවින්ම ශේෂ්ඨ යුධ සෙබළෙක් මෙන්ම ජයග්‍රාහී ආඥාදායකයෙක් විය.
ඇලෙක්සැන්ඩර් අතිදක්ෂ මෙන්ම ජනකාන්ත නායකයකු වනවාට අමතර ව ඔහු ගේ අධිරාජ්‍යයේ වැදගත් දෙයක් වූයේ මෙතෙක් එකිනෙකට වෙන් වෙන්ව පැවති ප්‍රදේශවල පැවති එකිනෙකට වෙනස් වූ සංස්කෘතීන් අතර පළමුවරට නිදහසේ අදහස් හුවමාරුවක් ඇතිකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම යි. වෙනත් බොහෝ ජයග්‍රාහී නායකයින් මෙන් නොව මහා ඇලෙක්සැන්ඩර් තමාට යටත් වූ ප්‍රදේශවල ජනතාව ගේ අදහස් පිලිගැනීමට කැමති වූවා පමණක් නොව පර්සියානු දේශපාලන සංවිධානවලින් උගත් දේ ක්‍රියාවට ද නැංවූයේ ය. අනෙක් අතින් ගත් කල ඉන්දියාවේ කලාවට ග්‍රීක කලාව බල පෑවේ ය. වයස 33 දී සිදු වූ අකල් මරණයට පෙර ඇලෙක්සැන්ඩර් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ද ගොඩ නැංවී ය. එහි ස්ථාපනය කළ මහා පුස්තකාලය වසර දහසක් පමණ පුරා පැවතුණ අතර එය ලෝකයේ ශ්‍රේෂ්ටතම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් විකාශනය වූයේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි