ඔක්තෝබර් 27 වැනිදා සිදුවූ මෙම අනතුරෙන් විචායි සිරිවඩ්ඩනප්‍රභා ඇතුළු 5 දෙනෙක් මරණයට පත් වූහ.
‘The 5,000-1 walk‘ යනුවෙන් මෙය නම් කර තිබුණේ, මෙම පාපන්දු සමාජය විසින් 2016 වසරේදී ලබාගත් ප්‍රිමියර්ලීග් ජයග්‍රහණය සැමරීම පිණිස ය. විචායි විසින් මෙම ලෙස්ටෂයර් පාපන්දු සමාජය මිලදී ගෙන තිබුණේ 2010 වසරේදී ය. එතැන් පටන් එය ලෝකයේ පළමු පෙළේ පාපන්දු සමාජයක් බවට පත් කිරීම සඳහා ඔහු මහත් සේ වෙහෙසුණේය.
ඉදිරියේදී මෙම ක්‍රීඩාංගනයේ පාපන්දු සමාජයේ හිමිකරු සිරිවඩ්ඩප්‍රභාගේ ප්‍රතිමාවක් ද නිරාවරණය කිරීමට නියමිත ය.
මෙහි වැදගත්ම කාරණය, King Power පිටිය පුරවා දැමූ මේ මහා සෙනඟ ගංගාව පැමිණ සිටියේ කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ ඇරයුමෙන් වීමයි. අක්ක-නගෝ දෙදෙනෙක් වන මේ දෙදෙනා 14 සහ 11 හැවිරිදි අය වූ අතර, පන්දහසක් දෙනා කැඳවීමේ මුල්ම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ඔවුන් දෙදෙනා විසිනි.

සිරිවඩ්ඩන ප්‍රභා නමැති තායි කෝටිපතියා විසින් එංගලන්තයේ පාපන්දු මුල් පෙළේ පාපන්දු සමාජයකට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ඔහුට උපහාර පිදිය යුතු බව මේ පුංචි ගැහැණු ළමුන් දෙදෙනාගේ අදහස වී තිබිණි.
‘‘ඒත් මේක මෙච්චර ලොකු වැඩක් වෙයි කියල මම හිතුවෙ නෑ‘‘ යැයි මෙගන් කියා තිබිණි. ඇයට විචායි සිරිවඩ්ඩප්‍රභාව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පුද්ගලිකව මුණ ගැසී තිබීම ද විශේෂත්වයකි. ‘‘ඔහු ප්‍රීතිමත්, ආදරණීය මිනිසෙක්‘‘ යැයි පුංචි මෙගන් පවසයි.