×

ජීවිත රකින – කොලෙස්ටරෝල් නසන එන්නතක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයෙන්

NHS හෙවත් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය විසින් එංගලන්තයේ සහ වේල්සයේ ජනතාවට ජීවිත සුරකින ඇන්ටි-කොලෙස්ටරෝල් එන්නතක් හඳුන්වා දීමට යයි.


වසරකට දෙවරක් ලබාගත යුතු මෙම එන්නත නිෂ්පාදනය කරන්නේ නොවාර්ටිස් (Novartis) සමාගම විසිනි.

එක් මාත්‍රාවක වෙළඳපොළ මිල යූරෝ 2,000 ක් වන නමුත්, සහන මිලක් යටතේ NHS වෙත එය ලබාදීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ස්ටැටින් ඖෂධ වැනි වෙනත් අඩු මිල ඔසු මගින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවාට වඩා එය ප්‍රතිඵලදායී වීමයි.

එක්සත් රාජධානියේ සෞඛ්‍යය පිළිබඳ සෝදිසි නිරීක්ෂණ කටයුතුවල නිරත වන NICE ට අනුව, දැනටමත් හෘදයාබාධ සහ ආඝාතනයන්ට මුහුණ දී ස්ටැටින් ඖෂධ ලබාගන්නා අය, එම ඖෂධවලට ප්‍රතික්‍රියා දැක්වීම දුර්වල මට්ටමක පවතින බව හෙළි වී තිබේ. ඒ අනුව මෙම ඇන්ටි-කොලෙස්ටරෝල් එන්නත එවැනි අය සඳහා වඩාත් ප්‍රතිඵලදායී වනු ඇත.

තවදුරටත් ජීවිත අවදානම අධික කරන කාඩියෝවැස්කියුලර් හෙවත් හෘත්නාල රෝගී තත්වයන් වළක්වා ගැනීමට මෙය මහඟු පිටුවහලක් වනු ඇත.

මහා බ්‍රිතාන්‍යය සමන්විත කොටස් 3 වන්නේ එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයයි.

දැනටමත් මෙම ඔසුව එංගලන්ත සහ වේල්ස් වැසියන්ට ලබාදීමට නිර්දේශ වී ඇති අතර, ඉදිරියේදී ස්කොට්ලන්ත වැසියන් ට ද ලබාදීමට ඔවුහු සාකච්ඡා පවත්වමින් සිටිති.

එංගලන්තයේ සෑම 5 දෙනෙකුගෙන් 2 දෙනෙකුම මේ වන විට අධි කොලෙස්ටරෝල් අවදානමට මුහුණ පා සිටිති. ජනගහනයෙන් මිලියන 6.5 ක් දෙනා ස්ටැටින් ඖෂධ ලබා ගනිති.

දශකයක් ඇතුළත මෙයින් ජීවිත 30,000 ක් රැක ගැනීමට හැකි වනු ඇති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි