×

ඉන්දුනීසියානු ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි. ජීවිත 188 ක් අනතුරේ!

ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් සේවයට අයත් බජට් ගුවන් යානයක්, ගුවන් ගත කිරීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත මුහුදට කඩා වැටී ඇති අතර, එහි මගීන් සහ කාර්ය මණ්ඩලය 188 දෙනෙක් සිටි බව වාර්තා වේ.


එයින් තිදෙනෙක් දරුවන් ය.

ඉන්දුනීසියාවේ මුදල් අමාත්‍යාංශයේ 20 දෙනෙක් ද ගුවන් යානයේ සිටි බව තහවුරු වෙයි.

දිවි බේරාගත් කිසිවෙක් පිළිබඳ දැනට වාර්තා නොවේ.

මෙම ගුවන් යානය ජකර්තා අගනුවර සිට සුමාත්‍රා දූපත් බලා පියාසර කිරීමට නියමිතව තිබිණි.

Debris thought to be from the plane has been recovered | Sky News

Debris thought to be from the plane has been recovered | Sky News

ලයන් එයා බජට් ගුවන් සේවයට අයත් මෙම යානය, ගුවන් ගත කර විනාඩි 13කට පසු එහි සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබිණි. එම අවස්ථාව වනවිට ගුවන් යානය වේගය වැඩි කරමින් තිබූ නමුත් සීඝ්‍රෙයන් පහළට කඩා වැටෙමින් තිබූ බව අවසන් සන්නිවේදනය අනුව පැහැදිලි වේ.

The Boeing 737-800 left the Indonesian capital at 6.20am and was headed north to arrive in Pangkal Pinang, on the island of Bangka, at around 7.20am | Sky News

The Boeing 737-800 left the Indonesian capital at 6.20am and was headed north to arrive in Pangkal Pinang, on the island of Bangka, at around 7.20am | Sky News

මේ අතර ඉන්දුනීසියානු මුහුදට ගුවන් යානය කඩා වැටෙන්නට ඇතැයි සැක කරන ස්ථානයේ මීටර 30-40 ක් ගැඹුරින් ගමන් මළු, ජංගම දුරකථන කොටස් සහ ගුවන් යානා කොටස් හමු වී තිබේ.

අනතුරට පත් ගුවන් යානය CFM LEAP-1B එන්ජින් දෙකකින් බලය ලබා තිබූ අතර, එම එන්ජින් මේ වසරේ අගෝස්තුවේ ලබාදුන් ඒවා බව ද වාර්තා වේ.

මෙම ලයන් එයා ගුවන් යානය, 2017 වසරේ පටන් ගුවන් ගමන්වලට යොදවනු ලබන්නකි.

At Depati Amir airport in Pangkal Pinang, anxious relatives of passengers wait for news | Sky News

At Depati Amir airport in Pangkal Pinang, anxious relatives of passengers wait for news | Sky News

ගුවන් සේවය මෙම අනතුර පිළිබඳව පවසා තිබෙන්නේ එහි ගුවන් නියමුවා, පියාසැරි පැය 11,000 ක අත්දැකීම් සහිත පළපුරුදු අයෙක් බවයි.

බජට් ගුවන් සේවාවක් වන ලයන් එයා, වසර 2000 පමණ පටන් ඉන්දුනීසියාව තුළ ක්‍රියාත්මක වෙයි. ඉන්දුනීසියාවේ ප්‍රධාන පෙළේ අභ්‍යන්තර ගුවන් සේවයක් වන එය, ගුවන් මාර්ග 183 ක පමණ ක්‍රියාත්මක වේ. එසේම මැලේසියාව, සෞදි අරාබිය සහ චීනය වෙත ද ලයන් එයා ගුවන් සේවය ක්‍රියාත්මක ය.

ඉන්දුනීසියාව, ගුවන් ගමන් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි මැදිහත් වීමක් දක්වන රටක් වුවද, එහි නියාමන තත්වය පහළ අඩියක පවතින බව ද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි