ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දියානාපොලිස් සත්ත්වෝද්‍යානයේ සිටි නයාක් නමැති දස හැවිරිදි අප්‍රිකා සිංහයා, සූරි නමැති සිංහ ධේනුවගේ ප්‍රහාරයකින් මෙසේ මරුමුවට පත්ව ඇත. මියයනවිට නයාක්ගේ වයස අවුරුදු දහයක් පමණ විණ. ඌ සත්ත්වෝද්‍යානයට සිටි ඉතා තේජාන්විත පෙනුමක් සහිත සිංහයකු බව සඳහන් වේ. Lioness-kills-father-three-cubs-Indianapolis-Zoo
10-year-old African lion Nyack died on Monday morning at the Indianapolis Zoo. Nyack pictured above | Indianapolis Zoo
පසුගිය දිනෙක උදෑසන සිංහ කූඩු ආශ්‍රිත ප්‍රදේශයෙන් අසාමන්‍යය ලෙස සිංහයකු ගොරවන හඬ ඇසී සත්ත්වෝද්‍යාන සේවකයන් ඒ ගැන සොයා බලා ඇත. ඒ අවස්ථාවේදී නයාක් සහ සූරි බරපතල ලෙස පොරකමින් සිටි බව සත්ත්වෝද්‍යාන සේවකයෝ සඳහන් කරති. පොරය නතර කිරීමට සේවකයන්ට නොහැකි වී ඇත. නයාක්ගේ ගෙල ප්‍රදේශයට ඒ වනවිටත් හානි සිදුව තිබුණු බව ඔවුහු පවසති. අවසානයේදී හුස්ම හිරවීම හේතුවෙන් නයාක් මිය ගිය බව සත්ත්වෝද්‍යාන බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
He was attacked and killed by lioness Zuri, with whom he has three cubs, as she held him by the neck until he stopped moving. Zuri pictured above | Indianapolis Zoo
“… නයාක් නමැති දස හැවිරිදි අප්‍රිකා සිංහයා මියගිය බව අපේ සත්ත්වෝද්‍යාන සේවක මණ්ඩලය ඉතා කණගාටුවෙන් නිවේදනය කරනවා. සූරි නමැති සිංහ ධේනුව සමඟ ඇති කරගත් පොරයක් නිසා ඌ තුවාල ලබා තිබුණා. මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ මන්ද යන්න ගැන පසු විපරමක් කරමින් අප සිටින්නේ. …” යැයි කියා එම නිවේදනයේ සඳහන් වේ.
The incident took place on Monday morning before the Indianapolis Zoo opened to the public | Wikipedia
නයාක් සහ සූරි එකම කූඩුවක් තුළ වසර අටකට ආසන්න කාලයක් වාසය කළහ. ඒ කාලය මුළුල්ලේ කිසිම දිනෙක ඔවුන් කලහකාරී අන්දමින් හැසිරුණු බවක් වාර්තා වී නැත. නයාක්ට දාව සූරි 2015දී පැටවුන් තිදෙනෙකු වදා ඇත.
ප්‍රහාරයෙන් පසු සූරි සහ පැටවුන් තිදෙනා එම කූඩුව තුළම හොඳින් සිටින බව වාර්තා වේ. මේ නිසා එම සිංහයන් සමූහය එකිනෙකෙකුගෙන් වෙන්කර දැමීමට හෝ සිංහයින් සම්බන්ධ කළමනාකරණ කටයුතුවල වෙනසක් ඇති කිරීමට හෝ අදහසක් නැති බව සත්ත්වෝද්‍යාන බලධාරීහු පවසති.