×

ලොව ප්‍රථම වතාවට ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයෙන් සජීවී පරපෝෂිත පණුවෙකු හමු වේ

ඇයව MRI ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු ඇගේ මොළයේ තුවාලයක් පෙන්නුම් කරණ ලදී. පසුව පරපෝෂිත විද්‍යා විශේෂඥයන් හරහා රෝගී තත්වය තහවුරු කර ගන්නා ලදී.


64 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකගේ මොළයේ සජීවී පරපෝෂිත පණුවෙකු සොයාගෙන ඇති අතර එය මිනිසුන් තුළ ආසාදනය වූ පළමු අවස්ථාව සනිටුහන් කරන බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ (ANU) සහ කැන්බරා රෝහලේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙකු වන සංජය සේනානායක මහතා සදහන් කර තිබේ.

මෙම කාන්තාවගේ මොළයේ සැත්කමකින් පසු සජීවී සෙන්ටිමීටර 8 (අඟල් 3.15) වටකුරු පනුවා ඉවතට ගෙන ඇති අතර විශේෂඥවරයා වැඩිදුරටත් ප්‍රකාශකර තිබුණේ, අපගේ දැනුමට අනුව, මානව හෝ වෙනත් ක්ෂීරපායී විශේෂයක මොළය සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය වන බවයි.

තණකොළ ආශ්‍රයෙන් මෙම පණුවා ශරීර අභ්‍යන්තරයට ඇතුළුවන්නට ඇතැයි විශ්වාස කරන අතර කැන්බරා රෝහලේ සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂ සහ ANU වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්ය කරීනා කෙනඩි පැවසුවේ කාන්තාවගේ රෝග ලක්ෂණ ප්‍රථම වරට 2021 ජනවාරි මාසයේදී හදුනා ගන්නා ලද බවයි.

ඉන් අනතුරුව සති තුනක කාලයක් තුළ ඒවා නරක අතට හැරීමත් සමඟ ඇය රෝහල් ගත කරන ලද අතර පාචනය, උණ, කැස්ස සහ හුස්ම හිරවීම ඇගේරෝග ලක්ෂණ විය.

එහිදී ශ්වසන සාම්පල සහ පෙනහළු බයොප්සි සිදු කරන ලදමුත් පරපෝෂිතයන් හදුනාගැනීමට නොහකිවූ අතර 2022 වන විට, කාන්තාව අමතක වීම සහ මානසික අවපීඩනය අත්විඳිමින් සිටි හෙයින් ඇයව MRI ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු ඇගේ මොළයේ තුවාලයක් පෙන්නුම් කරණ ලදී. පසුව පරපෝෂිත විද්‍යා විශේෂඥයන් හරහා රෝගී තත්වය තහවුරු කර ගන්නා ලදී.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි