×

‘Lol hey guys’බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරය TikTok වල අරඹයි

"lol hey guys" ............


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 12,


ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ආරක්ෂක හේතුන් මත බොහෝ එක්සත් ජනපද රජයේ උපාංගවල TikTok තහනම් කර තිබියදීත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිය මැතිවරණ ප්‍රචාරණය TikTok වලත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඊයේ(11) දිනයේදී “@bidenhq” පරිශීලක නාමය සමඟ බයිඩන් සිය ගිණුම දියත් කළ අතර මුල්ම වීඩියෝව “lol hey guys” යන ශිර්ෂ පාඨය සහිතව නිකුත්ව තිබිණි.

ජනාධිපතිවරයා 2022 දී බොහෝ ෆෙඩරල් රජයේ උපාංග ටික්ටොක් භාවිතා කිරීම අවහිර කරමින් නීති සම්පාදනය කළ අතර ප්‍රාන්ත කිහිපයක් ද මෙම පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, වෙබ් අඩවිය එක්සත් ජනපදයේ තරුණයින් අතර ජනප්‍රියව පවතින අතර එය පසුගිය මැතිවරණයේදී බයිඩන් මහතා ජයග්‍රහණය කිරීමට උපකාරී විය.

ඔහුගේ TikTok ගිණුම ජනාධිපතිවරයා විසින්ම පවත්වාගෙන නොයන අතර ඔහුගේ ප්‍රචාරක කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන බවයි, සහායකයින් එක්සත් ජනපද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි