×

තිස්තුන් කෝටියක් අතරට අලුත් දෙයියෙක් … ට්‍රම්ප් දෙයියා

ට්‍රම්ප් දෙයියා නිසා ගම් වැසියන්ට මෙන්ම ඔහුගේ පවුලේ උදවියගේ දොස් පරෝස් අසන්නටද බූසාට සිදව ඇතැයි ඔහු පවසයි. ගම්මුන් පවසන්නේ ඔහු පිස්සෙක් කියාය.


තිස්තුන් කෝටියක් දෙවියන් අතරට එක්වන අලුත් අලුත් දෙවියන් අතරේ ඒක් වූ අලුත් ම දෙවියා ට්‍රම්ප් දෙවියන් …

දෙවියන් පුද පූජා කියූ සැනින් මතක් වෙන්නේ ඉන්දියාවයි. විරූපී දරුවෙක් කෙසේ වෙතත් විරූපී ගසක් දුටුවද දෙවියන් යැයි සිතා පුද පූජා කරන්නෝ වුඩි වශයෙන් සිටින්නේ ඉන්දියාවේය. ඔවුන්ට පුද පූජා කරන්නට හා අදහන්නට අවශ්‍යයැයි සිතෙන්නේ මොනවාද එය ඔවුන් අදහති. විද්‍යාව හා තාක්ෂණය අතින් ඉතා දියුණු රටක් වුවද ඉන්දියාවේ තව තවත් අමුතු අමුතු ලෙස මෙවැනි විශ්වාසයන් ගොඩ නැගෙයි.

ට්‍රම්ප් යනු එක්තරා ආකාරයකට ඉන්දියානුවන්ගේ සතුරෙකි. බූසා යනු ඔහුව දේවත්වයෙන් සළකන ඉන්දියානුවෙකි. ඔහු අනෙක් දේව පූජාවන් මෙන්ම ට්‍රම්ප් ගේ ඡායාරූපයකටද පුද පූජා පවත්වයි.

පස්ගියදා ඔහු ගැන බොහෝ ජාත්‍යන්තර මාධතුළ වාර්ථා පළ වුණේ තමන්ගේ රටේද නොවන ට්‍රම්ප්ව අදහන ඉන්දියානුවෙක් යන උදෘතයද සමගිනි.

31 හැවිරිදි බූසා ක්‍රිෂ්ණා හයිද්‍රාබාද් වැසියෙකි. ඔහුගේ නිවෙස ඉදිරිපිට මලින් සහ විදුලි බල්බ වලින් සරසන ලද කුඩා දේව මන්දිරයකි. ඒ තුළ තබා ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඡායාරූපයකි.

ඔහු පවසන්නේ ඇමටරිකානු ජනපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය අවස්ථාවේදීම තමන්ට මේ ුද්ගලයා ඉතා ශ්‍රේෂ්ට මෙන්ම වැදුම් පිදුම් සිදු කළ යුතු යැයි සිතුණ බවයි.

නමුත් ගම් වැසියන්ට මෙන්ම ඔහුගේ පවුලේ උදවියගේ දොස් පරෝස් අසන්නටද බූසාට සිදව ඇතැයි ඔහු පවසයි. ගම්මුන් පවසන්නේ ඔහු පිස්සෙක් කියාය.

”මම අනෙක් අය කියන දේ ගණන් ගන්නැහැ ..මම පිස්සෙක් නෙවෙයි”
ඔස්ට්‍රේලියා නයින් නිවුස් ආයතනය නෙබෝදා එහු ගැන වාර්ථා වැඩ සටහනක් කළ අතර එහිදී ඔහු විසින් ට්‍රම්ප් දෙවියන් වෙත ට්‍රම්ප් ගේ ‍ඡායාරූපයක් ළඟ තබා ගනිමින් භාවනාවේ නිරත වෙයි.

කහ,සඳුන්,මල් එම ඡායාරූපය අසල තබා වැඳුම් පිදුම් කරයි. පහන් තියයි. නිවසින් පිටත් වන සෑම විටම ට්‍රමප් දෙවියාගේ ඡායාරූපය තමන් සමග ගෙනියයි.

ඔහු පවසන්නේ දිනෙ ක ට්‍රම්ප් වෙනුවෙන් දේවාල මන්දිරයක් ඉදිකරන බවයි. එය ට්‍රම්ප් දේවාලය ලෙස ඔහු නම් කරනු ඇත.

මෙවැනිම ආකාරයෙන් මීට පෙර ඉන්දියානු ජනපති නරේන්ද්‍රසිංග් මෝඩි වෙනුවෙන් ද ඔහුගේ උපන්ගමේ දේවාලයක් ඉදි කර තිබුණි නමුත් ජනපතිවරයාගේ ඉල්ලීම මත එය ඉවත් කරන ලදී.

ජරා ජීරණ වූ ලෝක දේශපාලනයේ බල ලෝභී නායකයන් මෙලෙස දේවත්වයේ සළකන මිනිසුන්ට දිය හැකි අර්ථකතනය කුමක්දැයි නොදනිමු නමුත් අතීතයේ රජුන්ගේ ගැත්තන්මෙන්ම අදද දේශපාලන වහළුන් සිටින බවනම් පැහැදිලිය. වැදුම් පිදුම් නොකළද ශ්‍රී ලංකාවේද මෙවැනි ගැත්තන් දැකිය නොහැක්කේ නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි