×

ලොව කැතම බල්ලා…ෂා ෂා

රතුපාට  ඇස් දෙක එල්ලා වැටෙන දිව , හැකිළුන මුහුණ , පිළිවෙලක් නැති සිරුර, දිග නියපොතු සහ පිළිවෙළක් නැති පා සතර. ෂාෂාටම උරුම වුනු ලක්ෂණයි.


ලස්සනම බල්ලා වගේද කැතම බල්ලා. ලෝකේ කැතම බල්ලා ලෙස කිරුළු පළඳන්නට බුල්ඩෝග් වර්ගයේ ෂා ෂා Zsa Zsa නම් සුනඛයාට පසුගියදා හැකි විය.

මිනිස්සුන්ට වගේම සතුන් වෙනුවෙනුත් විවිධාකාර තරඟ අපට දැකිය හැකියි. අශ්ව රේස් ඔටු රේස් විතරක්, අලි රේස් සතුන්ගේ තරඟ වල අපට නිතර දකින්නට ඇසෙන්නට ලැබෙන තරඟ.

ගෘහාශ්‍රිත සත්වයන් සඳහා පවතින තරඟ ගැනත් අපට නිතර දැකිය හැකියි.

මේ සියළු තරඟ සමග ලොව කැතම බල්ලා තෝරන කරගය පැවතියේ පසුගිය ජූනි 23 වන දා කැලිඵෝනියාවේදී. මේ සඳහා පළමු ස්ථානයට හිමි ත්‍යාගය ඇමරිකානු ඩොලර් 1500ක් ඊට අදාළ සම්මානය සමඟ සිය හිමිකරු සමග ඇමරිකාවේ නිවුයෝර්ක් වෙත සංචාරයක් තෑගි කරනු ලැබීය.

2018 වසර සඳහා කැතම බල්ලා සම්මානය හිමිවුණේ ෂා ෂාටය , ඇගේ හිමිකාරිය මේගන් බ්‍රෙනාර්ඩ්ය.
මෙවර පැවැත්වුනේ කැතම බල්ලා තේරීමේ තිස් වන වාර්කෂික තරගාවලියයි.

රතුපාට  ඇස් දෙක එල්ලා වැටෙන දිව , හැකිළුන මුහුණ , පිළිවෙලක් නැති සිරුර, දිග නියපොතු සහ පිළිවෙළක් නැති පා සතර. ෂාෂාටම උරුම වුන ලක්ෂණයි. ඈ නව හැවිරිදිය.

 

Zsa Zsa, an English Bulldog, drools while competing in The World’s Ugliest Dog Competition in Petaluma, north of San Francisco, California on June 23, 2018. – Zsa Zsa went on to win the competition garnering $1500, a trophy, and a trip to New York for media appearances. (Photo by JOSH EDELSON / AFP) (Photo credit should read JOSH EDELSON/AFP/Getty Images)

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි