×

සුපිරි බිලියනපති ජෙෆ් බෙසෝස් ගේ හිටපු බිරිඳගෙන් ඩොලර් මිලියන 55 ක පරිත්‍යාගයක්!

ඇය සමානාත්මතාවය පදනම් කර ගනිමින් ආගම් ජාති භේද නොතකා තම කණ්ඩායම සමඟ මෙවන් සමාජ සේවා ඉදිරියටත් කරගෙන යන බවයි.


ලෝකප්‍රකට Amazon ආයතනයෙහි සභාපති ධූරය හොබවන ජෙෆ් බෙසොස් ගේ හිටපු බිරිඳ වන්නේ මැකෙන්සි ස්කොට් (Mackenzie Scott) ය. මෙය දිගහැරෙන්නේ ඇය විසින් සිඳු කරන ලද පරිත්‍යාගයක් පිළිබඳව යි.

FILE PHOTO: Amazon CEO Jeff and wife MacKenzie Bezos arrive at the 2018 Vanity Fair Oscar Party in Beverly Hills, California. REUTERS/Danny Moloshok/File Photo

ප්‍රකෝටිපති කතක් වූවත් ඇය මෙලෙස ඩොලර් මිලියන 55 ක පමණ වටිනාකමින් යුතු බෙවර්ලි හිල්ස් හි පිහිටා ඇති වතුයායක් පරිත්‍යාගයක් ලෙස ලබා දී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගත හැකි විය. එහි අංග සම්පූර්ණ මන්දිර දෙකක් වේ.

ඇය එලෙස තම ධානමය පරිත්‍යාගය සිදු කළේ කැලිෆෝනියාවෙහි ප්‍රජා පදනමකට ය. එනම් California Community Foundation යන ආයතනයට යි.

ස්කොට් ලොව සිටින ධනවත්ම කාන්තාවන් අතරට පත් වන්නේ ද ඇය බෙසොස් සමඟ දික්කසාද වූ පසුව ඇමසෝන් සමාගමෙන් ලැබූ කොටස් වලින් ය. ඉන්පසු ඇයගේ වත්කම ඩොලර් මිලියන 60 ක් පමණ විය.

පසුගිය වසරෙහි ඇය LA Arts Endowment Fund නම් අරමුදල වෙනුවෙන් ඩොලර් මිලියන 20ක පරිත්‍යාගයක් සිදු කිරීමෙන් පසුව California Community Foundation සඳහා මෙලෙස උපකාරී වූ දෙවන අවස්ථාව ද වේ.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඇය සමානාත්මතාවය පදනම් කර ගනිමින් ආගම් ජාති භේද නොතකා තම කණ්ඩායම සමඟ මෙවන් සමාජ සේවා ඉදිරියටත් කරගෙන යන බවයි.

Nipuni Liyanage



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි