×

මැක්‍රොන් විරෝධතා නොතකා ප්‍රංශ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණය නීතියක් බවට පත් කරයි

මේත් සමඟ ප්‍රංශ ජනතාව සහ එමානුවෙල් මැක්‍රොන් අතර නියත විරසකයක් සනිටුහන් කරනු ඇත.


ප්‍රංශයේ මාස ගණනාවක් පුරා පැවැති මහජන විරෝධතාවයන් නොතකා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට විශ්‍රාම යන වයස අවුරුදු 64 දක්වා ඉහළ නැංවීම සඳහා වූ මතභේදාත්මක පනත් කෙටුම්පතට අත්සන් තබා එය නීතියක් බවට පත්කර ඇති බව වාර්තා වේ.

අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් කොපමණ ප්‍රමාණයක් සේවයේ යොදවන්නේද, යන්න ප්‍රසිද්ධ කිරීමට විශාල සමාගම්වලට බල කිරීම සහ වැඩිහිටි කම්කරුවන් සඳහා විශේෂ කොන්ත්‍රාත්තුවක් ඇති කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ප්‍රතික්ෂප කරමින් නව දෙනෙකුගෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් විසින් විශ්‍රාම යන වයස අවුරුදු 64 දක්වා ඉහළ නැංවීම හා සම්පූර්ණ විශ්‍රාම වැටුපක් සඳහා අවශ්‍ය සේවා කාලය අවුරුදු 42ක් දක්වා දීර්ඝ කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථානුකූල බව පවසමින් සිය අනුමැතිය ලබා දෙනු ලැබීය.

විශේෂ ව්‍යවස්ථාපිත බලතල භාවිතා කරමින් පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තු ඡන්දයක් ලබා ගැනීමට ආණ්ඩු පක්ෂය ක්‍රියා කිරීමත් සමඟ මහජන විරෝධතායන් උත්සන්න විය. මේ වෙනුවෙන් අදහස් දක්වමින් අන්ත දක්ෂීණාංශික නීති සම්පාදකයන් ප්‍රකාශ කර තිබුණේ, මෙම ප්‍රතිසංස්කරණ අතිශය අසාධාරණ එකක් වන වා මෙන්ම මේත් සමඟ ප්‍රංශ ජනතාව සහ එමානුවෙල් මැක්‍රොන් අතර නියත විරසකයක් සනිටුහන් කරනු ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි