×

මරණ දඬුවම අහෝසියි !

මැලේසියාව මරණ දණ්ඩනය අහෝසි කිරීමට සැරසෙයි.


මරණ දණ්ඩනය අහෝසි කිරීමට අදාළ කෙටුම්පත ලබන සතියේ රැස්වන පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැලේසියාවෙන් ලැබෙන ආරංචි මාර්ගවල සඳහන් වේ.

“සියලු ආකාරයේ මරණීය දණ්ඩන අවලංගු කරනවා. එයට තිත තබනවා” යැයි කියා මැලේසියාවේ නීති කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍යය දාටුක් ලේව් වුයි කෙඔන්ග් (Datuk Liew Vui Keong ) මැලේසියා විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකදී මාධ්‍යයට පවසා තිබිණ.

එරට නීතිය ප්‍රකාරව මරණීය දණ්ඩනය ලබා දෙන්නේ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම, රාජ්‍යද්‍රෝහී ක්‍රියාවල යෙදීම, ත්‍රස්ත ක්‍රියාවල නියැලීම, පැහැර ගැනීම්වල යෙදීම, ගිනි අවි ස්වාමීත්වයේ තබාගැනීම සහ මත්ද්‍රව්‍යය ජාවාරම්වල නිරතවීම යන වැරදිවලට වැරදිකරුවන් වන පුද්ගලයන්ට එරෙහිවය.

මේ අනුව පළමුව කී වැරදිවලට වැරදිකරුවන් වූ පුද්ගලයන් 1200කට අධික සංඛ්‍යාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීමට දැනට නියමිතව ඇත. මෙයින් පුද්ගලයන් 799දෙනෙකු වැරදිකරුවන් වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වීම සම්බන්ධයෙනි. ඒ අතර විදේශිකයන් 416 ක් සිටිති. මරණිය දණ්ඩනයට නියම වූ පුද්ගලයන් සිව්දෙනෙකු පසුගිය වසරේදීත් එල්ලා මරණු ලැබූ බව සඳහන් වේ.

 

මැලේසියා බලධාරීන් මරණීය දණ්ඩනය අහෝසි කිරීමට ගත් තීරණය පිළිබඳව ඇම්නස්ටි ජාත්‍යන්තරය සහ මානව හිමිකම් සංවිධාන රාශියක් ප්‍රසාදය පළ කර ඇත. කාම්බෝජය, පිලිපීනය, චීනය, සිංගපූරුව, තායිලන්තය, වියට්නාමය සහ ඉන්දුනීසියාව යන රාජ්‍යය මරණීය දණ්ඩනය අදටත් ක්‍රියාත්මක කරන ආසියා රාජ්‍යය කිහිපයකි.

ලොව රටවල 142කට ආසන්න සංඛ්‍යාවක් සිය නීති පද්ධති තුළින් මරණ දණ්ඩනය අහෝසි කර ඇති බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි