×

ඉන්දීය අගමැති මෝදිට අපහාස කළ මාලදිවයිනේ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුට වැඩ තහනම්

ජනාධිපති මොහොමඩ් මුයිසු සඳහන් කර තිබුණේ, ඉන්දියාව සැමවිටම මාලදිවයිනට හොඳ මිතුරෙකු වී ඇති අතර, අපගේ දෙරට අතර පැරණි මිත්‍රත්වයට අහිතකර ලෙස බලපෑ හැකි එවැනි නිර්දය ප්‍රකාශවලට අපි ඉඩ නොතැබිය යුතු බවයි.


සටහන – සශිකලා මධුෂාණි ජනවාරි 07,

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අවමන් සහගත ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මාලදිවයිනේ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

අරාබි මුහුදේ ඉන්දීය යූනියන් ප්‍රදේශයක් වන ලක්ෂද්වීප් හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වීඩියෝවකට ප්‍රතිචාර වශයෙන්, සමාජ මාධ්‍ය වේදිකාවේ කරන ලද අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් තරුණ සවිබල ගැන්වීම්, තොරතුරු සහ කලා අමාත්‍යාංශයේ සේවය කළ මල්ෂා ෂරීෆ්, මාරියම් ෂියුනා සහ අබ්දුල්ලා මහ්සූම් මජිඩ් යන ඇය වෙනුවෙන් මෙලෙස විනයානුකුල ක්‍රියාමාර්ග ගෙන ඇත.

ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ සංචාරක ව්‍යාපාරයට හිමිකම් කියන මාලදිවයිනට පැමිණෙන විශාලතම විදේශීය සංචාරකයින් පිරිස ඉන්දියානුවන් වන අතර සිය සමාජ මාධ්‍ය වේදිකාවේ මේ සම්බන්දයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති මොහොමඩ් මුයිසු සඳහන් කර තිබුණේ, ඉන්දියාව සැමවිටම මාලදිවයිනට හොඳ මිතුරෙකු වී ඇති අතර, අපගේ දෙරට අතර පැරණි මිත්‍රත්වයට අහිතකර ලෙස බලපෑ හැකි එවැනි නිර්දය ප්‍රකාශවලට අපි ඉඩ නොතැබිය යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි