×

ගාසා තීරයේ උද්ඝෝෂණ වලට එල්ල කළ ප්‍රහාරයෙන් තරුණයකු මරුට, 56 කට තුවාල!

ගාසා තීරයේ සතිපතා දියත් කරන උද්ඝෝෂණ වලට පසුගිය සිකුරාදා (26) දින ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයෙන් 23 හැවිරිදි තරුණයකු මිය ගොස් 56 දෙනෙකුට තුවාල සිදුවූ බවට වාර්තා වේ.


ගාසා තීරයේ සතිපතා දියත් කරන උද්ඝෝෂණ වලට පසුගිය සිකුරාදා (26) දින ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයෙන් 23 හැවිරිදි තරුණයකු මිය ගොස් 56 දෙනෙකුට තුවාල සිදුවූ බවට වාර්තා වේ.  

පලස්තීනු සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා වලට අනුව, ජීව උණ්ඩ වලින් පහර කා තුවාල වූ පිරිස 38 ක් වන අතර, ඔවන්ගෙන් 22 දෙදෙනෙකු ළමුන් හා තිදෙනෙකු කාන්තාවන් ය. 

ගාසා තීරය අසල “නැවත පැමිණීමේ සතිපතා පෙළපාලිය” සිදුවූ පසුගිය සිකුරාදා දින ද දහස්ගණන් ජනයා එක්රැස්ව සිටි අයුරු දක්නට ලැබිණි. 

පලස්තීන අධිකාරියේ සභාපති මහ්මුද් අබ්බාස් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින නිවේදනය කරන ලද්දේ, පලස්තීනය ඊශ්‍රායලය සමඟ අත්සන් කර ඇති සියලුම ගිවිසුම් “නවතා දැමීමට” තීරණය කර ඇති බවත්, තම පාලක ෆටා කණ්ඩායම හා ව්‍යාපාරය අතර පවතින ආරවුල අවසන් කිරීමට හමාස් වෙත ඉදිරිපත් වූ බවත් ය. 

කෙසේ වෙතත්, පලස්තීනුවන් සහ ඊශ්‍රායලය අතර අත්සන් කරන ලද ගිවිසුම් නතර කරන්නේ කුමන අන්දමින් ද යන්න අබ්බාස් ප්‍රකාශ කළේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි