×

තායිලන්තයේ වෙඩි තැබීමකින් 15ක් මරුට!

තායිලන්තයේ මෑත කාලයේ වාර්තා වූ දරුණුතම මනුශ්‍ය ඝාතනය මෙය බවට සැලකේ.


තායිලන්තයේ දකුණු කලාපයේ ආරක්ෂක මුරපොලකට කඩා වැදුණු බෙදුම්වාදී කැරලිකරුවන් යැයි සැක කෙරෙන පිරිසක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර දාමයකින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. 

තායිලන්ත ආරක්ෂක අංශ අද (06) දින ප්‍රකාශ කර සිටියේ තායිලන්තයේ මුස්ලිම් ප්‍රජාව බහුල දකුණු කලාපයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ග්‍රාම්‍ය ස්වේච්ඡා ආරක්ෂක භටයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව යි.  

තායිලන්තයේ දකුණු යාලා පළාතේ ඊයේ (05) දින රාත්‍රියේ සිදුව ඇති මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඬ පැවැත්වීම වැළැක්වීම සඳහා අදාල සන්නද්ධ කණ්ඩායම් පුපුරන ද්‍රව්‍ය මුදා හැර ඇති අතර, බිඳුණු ඇණ කැබිලි මහමඟ පුරා විසිරෙන පරිදි අතුරුවා ඇත. 

මෙකී සාහසික ක්‍රියාව තායිලන්තය තුළ මෑතකදී සිදුවූ දරුණුතම සමූහ මිනිස් ඝාතනය බවට පැවසේ. 

මෙම අපරාධය සිදුකළ කල්ලි බෙදුම්වාදී කැරලිකරුවන් යැයි විශ්වාස කරන බවට එරට කලාපීය ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයකු රොයිටර් පුවත් සේවයට දන්වා තිබේ. 

ප්‍රචණ්ඩත්වය පිළිබඳ අධීක්ෂණ සිදු කරන ‘ඩීප් සවුත් වොච්’ පුවත්පතට අනුව 2004 වර්ෂයේ සිට මේ දක්වා බෞද්ධ රටක් සේ සැලකෙන තායිලන්තයේ විශාල වශයෙන් ජනවාර්ගික අර්බුදය මත හටගත් බෙදුම්වාදී කැරලි නිසා මැලේ-මුස්ලිම් ප්‍රජා වසන වන යාලා, පතානි සහ නාරතිවාට් ආදී ප්‍රදේශ වල 7,000 ක් පමණ ජනතාව මරණයට පත්ව තිබේ.

යාලා, පතානි හා නාරතිවාට් ප්‍රදේශ ස්වාධීන මැලේ-මුස්ලිම් සුල්තාන් රාජ්‍යයක කොටසක් සේ සැලකුණු අතර, 19 වන සියවසේ අගභාගයේදී තායිලන්තය විසින් එය සිය රාජ්‍යයට ආඳා ගන්නා ලදී. එකී ප්‍රදේශ තුළ ස්වාධීන රාජ්‍යයක් ගොඩ නඟා ගැනීම සිය අරමුණ බව ඇතැම් කැරලිකාර කණ්ඩායම් මීට පෙර ප්‍රකාශ කර තිබේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි