×

මෙක්සිකෝවේ ජනාධිපතිත් පොසිටිව් වෙයි!

මෙක්සිකානු ජනපති ඇන්ඩ්‍රියෙස් මැනුවෙල් ලෝපේස් ද කෝවිඩ්-19 පොසිටිව් තත්වයට පත්ව ඇත.


කෙසේ වෙතත් 67 හැවිරිදි ජනපතිවරයා සිය ට්විටර් ගිණුම හරහා සඳහන් කර තිබෙන්නේ තත්වය බරපතළ නැති බවත්, සර්වශුභවාදී ලෙස ඒ පිළිබඳව සිතන බවත් ය.

ජනපතිවරයා පොසිටිව් තත්වයට පත් වීමේ පුවත වාර්තා වන්නේ මෙක්සිකෝවේ කෝවිඩ් මරණ ගණන 150,000 ඉක්මවා යන සීමාවේදී ය.

දෙසැම්බර් මාසයේදී මෙක්සිකානු ජනතිවරයාගේ අදහස වූයේ රුසියාවේ නිෂ්පාදනය කරන ස්පුට්නික් V (Sputnik V) එන්නතෙන් මාත්‍රා මිලියන 12 ක්, එහි සාර්ථකභාවය සනාථ වන්නේ නම් සිය රටවැසියන් සඳහා ගෙන්වන්නට ය. කෙසේ නමුත් මෙක්සිකෝව මෙම එන්නත තවමත් අනුමත කර නැත. ෆයිසර් බයෝන්ටෙක් එන්නත ද මෙක්සිකෝවට ගෙන ඒම ප්‍රමාද වෙමින් තිබෙන්නේ මිලියන 128 ක ජනතාවක් තවදුරටත් උවදුරේ හෙළමිනි. මිලියන 1.75 ක් මෙක්සිකානුවන් වසංගත කාලය තුළ පොසිටිව් තත්වයට පත්ව සිටියහ. ඒ අතරින් 150,000 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ වැඩිම කෝවිඩ් මරණ ගණන අතින් මෙක්සිකෝව සිව් වැනි තැනට පත් කරමිනි.

මේ වන විට වැඩිම කෝවිඩ් මරණ ගණන වාර්තා වූ රටවල් වන්නේ අනුපිළිවෙළින් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවයි.

Photo: Reuters



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි