×

මෙක්සිකෝව විනෝදාස්වාදය සඳහාත් කංසා නීතිගත කරයි

ගංජා හෝ මරිජුවානා වැනි නම්වලින් හඳුන්වන කංසා, විනෝදාස්වාදය සඳහා ද භාවිතා කිරීම මෙක්සිකෝවේ ඉහළම අධිකරණය විසින් නීතිගත කර තිබේ.


ඒ, විනෝදාස්වාදය සඳහා කංසා හෝ මරිජුවානා භාවිතය අපරාධ වරදක් නොවේය යන තත්වයට පත් කිරීම මගිනි.

8-3 ක් වශයෙන් මෙක්සිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ මෙම තීන්දුව මගින් වැඩිහිටියන්ට තමන්ගේ පරිභෝජනය සඳහා කංසා වගා කිරීමට ද අවසරය ලැබේ.

කෙසේ නමුත් ප්‍රසිද්ධ ස්ථානවල සහ දරුවන් ඉදිරියේ මරිජුවානා භාවිතය තවදුරටත් තහනම් ය. මේ අතර මරිජුවානා වාණිජ වශයෙන් යොදාගැනීම සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව නිහඬ ය.

මෙම තීන්දුව ලැබුණේ මෙක්සිකානු කොංග්‍රසය විසින් විනෝදාස්වාද කටයුතු සඳහා මරිජුවානා භාවිතය නීතිගත කිරීම පිණිස මාර්තු මාසයේදී ඉදිරිපත් කර තිබූ පනතක් සැලකිල්ලට ගනිමිනි. නඩු තීන්දුව ලැබෙන්නේ මෙක්සිකානු කොංග්‍රසය විසින් තවමත් එය නීතියක් බවට සම්මත කර නැති අවස්ථාවක ය. ඒ අනුව මෙමගින් කොංග්‍රසයේ මතය සම්බන්ධයෙන් ද ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බව පැවසේ.

‘‘අද නිදහසේ ඓතිහාසික දිනයකි‘‘ යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති, විනිසුරු ආර්ටුරෝ සැල්දිවාර් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබේ.

මෙක්සිකෝව තුළ 2016 වසරේ පටන් මරිජුවානා සඳහා අවසර ලැබී තිබුණේ ඖෂධීය භාවිතය සඳහා පමණි.

ඡායාරූපය – REUTERS



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි