×

කසකස්ථානයේ ATM යන්ත්‍ර තුළ සල්ලි කන මීයෝ (වීඩියෝ)

කසකස්ථානයේ ඇස්ටානා අගනුවර ATM යන්ත්‍රයක් තුළ සැඟවී මුදල් නෝට්ටු කා දමමින් සිටි මීයන් ජෝඩුවක් විසින් අන්තර්ජාතික ශීර්ෂ පාඨ මවා තිබේ. 


වාර්තාවලට අනුව මේ මීයන් දෙදෙනා, කසකස්ථානයේ බහුලව දැකිය හැකි කුණාටුවකින් බේරීම සඳහා මෙම යන්ත්‍රය තුළට රිංගාගෙන ඇත. කෙසේ නමුත් මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රෙය් මුදල් බහා තිබෙන්නේ කාඩ්බෝඩ් පෙට්ටියකට සමාන සැකසුමක් තුළ ද වන බවයි.

ATM යන්ත්‍රයකින් අපේක්ෂිත සේවය සිදු නොවන්නේ නම් වහාම බැංකු සේවකයන් ඇමතීම සිරිතකි. පසුගිය දිනෙක බැංකු සේවකයන් විමතියට පත් වූයේ එම යන්ත්‍රයෙන් මුදල් ලබාගන්නා හැම කෙනෙක්ම, මීයන් කා දැමූ ඉරුණු නෝට්ටු කැබලි ගැන පැමිණිලි කරන්නට පටන් ගත් නිසාවෙනි.

නමුත් එහි රහස ඔවුන් දැනගෙන තිබෙන්නේ යන්ත්‍රයට නැවත නෝට්ටු පිරවීම සඳහා එය විවෘත කළ අවස්ථාවේදී ය.

කොහොම වුණත් කුණාටුවකින් බේරීම සඳහා ATM යන්ත්‍රයක් තුළ සැඟවුණු මීයන් දෙදෙනා සිත් සේ ‘මිල අධික දිවා ආහාරයක්‘ රස විඳිමින් සිටි බව නම් තමන් දුටු දෙයින් බැංකු සේවකයන්ට ප්‍රත්‍යක්ෂ විය. ඒ බිලේ වටිනාකම ඇමරිකානු ඩොලර් 300 ක් තරම් බව ද දැනගන්නට ලැබේ!

[embedyt] https://www.youtube.com/watch?v=T5hYRt4PZLQ[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි