×

මිකී මවුස්ට 90 යි!

මිකී... කාටූන් ලොවේ සදාකාලික වීරයාට අදට අවුරුදු 90කි..


ඔහු සැබවින්ම කුඩාවුන්ගේ ලෝකයේ පමණක් නොව කාටුන් කර්මාන්තය තුළ ද වීරයෙකි.

කිසිවෙකුටක් ඔහු ව හදුන්වා දෙන්නට හෝ විස්තර කරන්නට දෙයක් නැත..

මිකී කී සැණින් ඔහුව මතකයට නොඑන්නෙක් නැත.

අවුරුද් 90ක් දක්වා කාලයක් ඉදිරියට ආ ගමනේ මිකීගේ උපතත් අද ඔහුගේ ජීවිතයත් ගැන ඇත්තේ සොඳුරු ඉතිහාසයකි..වෝල්ටර් වෝල්ට් ඩිස්නි මිකීගේ හිමිකරු මෙන්ම නිර්මාණකරු මිකීට පණ දුන් සැටි ඔහුගේ පැන්සල් සිතුවම් වල ඉතිහාසය මගින් මොනවට පැහැදිලි වේ.

1930 ගණන්වලදී පැන්සල් චිත්‍ර වලින් බොහොමයක් ඇත්තේ මිකීගේ උපත හා බැඳුණු විස්තරයි. 1930 දී ගරිල්ලා මිස්ට්රි හි ත්‍රාසජනක කතාන්තරය තුළට මිකී ඇතුළු වේ.
එහෙත්, 1941 දී, චිත්‍රපට ආරම්භයත් සමග නව මුහුණුවරක් මිකී කරළියට ආයේය.

ඔහුගේ මුල් පෙනුම මුලින්ම ෙවනස්කරමින් ෆ්රෙඞ් මුවර් විසින් උඩු රැවුලින් අල්ලා ඉදිරියට ගෙන යමින් ඔහුගේ රවුම් හැඩයෙන් හැඩැති හැඩය වෙනස් කරන ලදී

නිර්මාතෘ වෝල්ට් ඩිස්නි, මෙම වෙනස ගැන මුලින් කල්පනාකාරී විය. නමුත් ඔහු නව නිර්මාණයට දැඩිව කැමති විය. ඔහු පැවසුවේ . ”‍ඒක තමයි මිකීට අවශ්‍ය ක්‍රමය.

මිකීගේ දිගුකාලීන සහකාරිය වන මිනී මවුස් හට ද මිකීට සමාන ව වෙනස්කම් සිදු කරන ලදී. ඇත්ත වශයෙන්ම ඒ කන්??

මිකී එදා සිට අද දක්වා විවිධාකාරෙයන් වෙනස් වී ඇත.. එදා සිටි මිකී කොහෙත්ම අද නැත.

ඩිස්නිගේ මුල්ම චරිතය වූයේ බනී නමැති දිග කන් ඇති – 1927 දී ජීවිතය ආරම්භ කළ හාවෙකුය.

පසුව වෝල්ට් යුනිවර්සල් පික්චර්ස් හි සජීවිකරණ ශිල්පියෙක් ලෙස සේවය කළේය.

නමුත් ව්‍යාපාරික හවුල්කරුවෙකු සමඟ ඇතිවූ ආරවුලකදී ඔහු ට හා මිතුරාගේ බනීගේ අයිතිය අහිමි විය. වෝල්ට් ඔස්වල්ඩ් හට සුබ ගමන් කියා මිකීට හෙලෝ කීවේය, වෝල්ට් සිය පැරණි මිතුරා, සජීවිකරණ ශිල්පී වූ උබර් අයිවර්ක්ස්ගේ සහයෝගය ඇතිව අළුත් චරිතයක් ඉදිරිපත් කළේය.

මිකී මවුස්ගේ 90 වැනි උපන්දිනෙය්දී ඩිස්නි සජීවිකරන ශිල්පී එරික් ගෝල්ඞ්බර්ග් රහසක් හෙළි කළේය. ඒ අනුව කන් දෙක කොට කර රවුම් කර හාවෙක් විශිෂ්ට මීයෙක් බවට පත් කළේය.

ඔහුගේ බිරිඳ වන ලිලියන්ගේ අකමැත්ත දැඩිව ඒ සඳහා ප්‍රකාශ විය. ඒ නිසා ඔහු මිනී වෙනස් කිරීමට ඔහුගෙන් ඉල්ලා සිටියාය.

නමුත් වෝල්ට් ඩිස්නි, ඇයට මිනී ලෙසම ඉන්නට ඉඩ දුන්නේය ඉනික්බිති මිකී උපත ලැබූ අතර ඉතිරි සියල්ලම ඉතිහාසයයි.

වර්ෂ 1966 දී 65 හැවිරිදි වෝල්ට් මිය ගියේය. මිය යන්නට පෙර ඔහු මෙසේ පැවසීය. ”‍මිකී මෙග් මනසින් මවුස් පෑඩයට පැන මෑන්හැටන් සිට හොලිවුඩය දක්වා දුම්රියේ ගමන් කරමින් සිටී.

1937 වන විට මුල් පිටපත් සමහරක් මත වර්ණ පැහැදිලි වේ. මිකීගේ ආධුනිකයන්ගේ සජීවීකරණයෙන් එකක් කහ අතක් පෙන්වයි.

මිකීට වයස අවුරුදු නවයක් විය. දිගු කලක් තිස්සේ දිගු ගමනක් ආ ඔහු අවුරුදු 9 දී සුපිරි තරුවක් විය. අවසානයේ 1932 දී මිකී මවුස් නිසාම වෝල්ට් ඩිස්නි ඔස්කාර් සම්මානයට පාත්‍ර විය.

මිකී වෙනුවෙන් මේවන විට හිමි සම්මාන 22 අතරින් පළමු සම්මානය එයයි. වසර ගණනාවකට පසු ඩිස්නි අධිරාජ්‍යය පුළුල් විය ඒ හා සමග වෝල්ට් මෛස් පැවස්වේය.. ‘‘අපගේ මෙම ජයග්‍රහහණ පසුපස සිටින්නේ පුංචි – හුරුබුහුටි මීයෙක්… ඔහුට අපේ සියලු‍ ගෞරවය හිමියි.“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි