×

මයික්‍රොනීෂියා මුහුදට ගොඩ බැස්සවූ ගුවන්යානාව!

සාගරය මතට ගොඩ බෑ ගුවන් යානයේ 47ම නිරුපද්‍රිතව බේරාගනියි.


මයික්‍රොනීෂියාවේ ගුවන් තොටුපොළ ධාවන පථය වෙනුවට ඊට ඔබ්බෙන් වූ සාගරය මතට කඩා වැදුණු Air Niugini සිටි 47 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනුණා.

මෙය සැබවින්ම ප්‍රාතිහාර්යයක්. ඇස් අදහා ගත නොහැකි සිදුවීමක්. බොහෝ දෙනා සිතුවේ ජීවිත හානි රැසක් වාර්තා වේවි කියලයි.

කොහොම වුණත් 4 දෙනෙකුගේ තත්වය බරපතළ බවත් වාර්තා වෙනවා.

ගුවන් නියමුවා ගොඩබාන ස්ථානයට යාර 150 ක් පමණ දුරින් ගුවන් යානාව ගොඩබස්වා තිබුණා.

මගීන් 36 දෙනෙක් සහ යානා කාර්ය මණ්ඩලයේ 11 දෙනෙක් ඒ අවස්ථාවේදී ගුවන් යානය තුළ සිටියා. ABC පුවත් සේවය වාර්තා කළේ එක් අයෙක් අතුරුදන් ව ඇති බවයි. එ් අනුව කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් සිටි බවට සැක පළ වෙනවා.

බෝයිං 737-800 වර්ගයේ මෙම ගුවන් යානාව අවසානයේ නතර වුණේ කුඩා දූපතක් අසල තිබෙන කලපුවක් මතයි.

‘‘මම හිතුවේ අපි ගොඩබානවිට ගුවන් යානාව තදින් ගැස්සුණා කියලයි. ඊට පස්සෙ ගුවන්යානාවේ පැත්තක තිබුණු සිදුරකින් වතුර ඇතුළට ගලාගෙන එන ආකාරය මම දුටුවා“ යැයි බිල් ජයිනස් නමැති ගුවන් මගියා කියා සිටියා.

ගළවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන විට කැබින් කාමරයේ ඉණ වටක් දක්වා ජලය පිරී තිබුණා.

Air Niugini ගුවන් සේවාව මේ අනතුර පිළිබඳ කණගාටුව පළ කරමින් කියා තිබෙන්නේ අහිතකර කාලගුණය සහ දැඩි වර්ෂාව හේතුවෙන් ගුවන් නියමුවාට මාර්ගය හරිහැටි නොපෙනුණු බවයි.

මයික්‍රොනීෂියාව, දූපත් 600 කින් පමණ සමන්විත බටහිර පැසිෆික් සාගරයේ පිහිටි කොදෙව්වක්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි