×

Microsoft Office, Microsoft 365 ලෙස නව මුහුණුවරකින්…

ඔක්තෝම්බර් මාසයේ පැවති Microsoft Ignite 2022 event එක අතරතුර ද ඔවුන්ගේ office සේවාව හා සම්බන්ධයෙන් සිදුවන නව වෙනස්කම් කිහිපයක් පිළිබඳව නිවේදන නිකුත් කර තිබුණි.


Microsoft සමාගම විසින් ඔවුන්ගේ office මෘදුකාංගය ඇතුළු ඔවුන් විසින් සපයන අනෙකුත් Microsoft Office සේවාවන් අයත් වන නිළ brand name එක වෙනස් කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.

ඔක්තෝම්බර් මාසයේ පැවති Microsoft Ignite 2022 event එක අතරතුර ද ඔවුන්ගේ office සේවාව හා සම්බන්ධයෙන් සිදුවන නව වෙනස්කම් කිහිපයක් පිළිබඳව නිවේදන නිකුත් කර තිබුණි.

මීට පෙර හදුන්වනු ලැබූ Microsoft office 365 සේවාව Microsoft 365 යනුවෙන් rebrand කිරීමට එම සමාගම කටයුතු කර තිබෙන අතර මේ හරහා ඔවුන්ගේ office suite එක සඳහා නව ආරම්භයක් සනිටුහන් කරමින් ඔවුන්ගේ office app එක සඳහා නව logo එකක්ද හදුන්වා දී තිබේ.

සුපුරුදු පරිදි නව Microsoft 365 යටතේ ඔවුන්ගේ Excel, Outlook, Word සහ PowerPoint ඇතුළු අනෙකුත් සේවාවන් ලබාදීමට කටයුතු කරන බවට තහවුරු කර තිබෙන අතර ඔවුන් විසින් creation සහ expression යන category එක යටතේ නව apps කිහිපයක් ද හදුන්වාදීමට කටයුතු කර ඇත.

එමෙන්ම, මේ වනවිට microsoft සමාගම විසින් ඔවුන්ගේ office.com වෙබ් අඩවියට නව interface එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර, mobile සහ windows සඳහා වන office app එක භාවිතා කරන පරිශීලකයන් හට ඉදිරි ජනවාරි මස සිට මෙම update එක ලබාදෙන බවටද microsoft සමාගම විසින් තහවුරු කර කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි