×

සුප්‍රකට පොප් ගායිකා මයිලි සයිරස් අතිනත ගනී.

සයිරස් සහ ලියෑම් ගේ විවාහය පවුලේ සාමාජිකයන්ගේ පමණක් සහභාගීත්වයෙන් පවත්වා ඇත.


සුප්‍රකට ඇමරිකානු පොප් ගායිතා මයිලි සයිරස් තමන් ඕස්ට්‍රේලියානු ජාතික  චිත්‍රපට නළුවෙක් වන ලියෑම් හෙම්ස්වත් සමග අතිනත ගැනීමට නියමිත බව අනාවරණය කළාය.

විවාහයට පෙර පැවති විවාහ උත්සවයෙහි උළෙලෙහි ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ඇය මේම අනාවරණය සිදු කළාය.

ද ලාස්ට් සෝන්ග් චිත්‍රපටයට දායක වෙමින් සිටියදී මීට දශකයකට පමණ පෙර එකිනෙකා හමුවූ සයිරස් සහ ලියෑම් ගේ විවාහය පවුලේ සාමාජිකයන්ගේ පමණක් සහභාගීත්වයෙන් පවත්වා ඇත.
පසුගිය නොවැම්බරයේ ඇතිවූ ලැවු ගිනි හේතුවෙන් කැලිෆෝනියාවේ පිහිටි මයිලි සයිරස් ලේ නිවස ගිනිබත් වූ අතර එහි පැවැත්වීමට නියමිත තිබූ විවාහ උත්සවය වෙනත් ස්ථානයක පවත්වා ඇත.
2012 වසරේදී මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගත අතර ඇතිවූ ගැටළු මත දෙදෙනා අතර විවිධ මත බේදයන් සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය තුළ කථා බහ ඇති විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි