×

මෙක්සිකෝවට උග්‍ර ජල හිඟයක්!

මෙක්සිකෝ සිටි අගනුවරට සතියක් තිස්සේ වතුර නැහැ


මේ වන විට දින5 ක් මුළුල්ලේ මෙක්සිකෝ සිටි නගරය උග්‍ර ජල හිඟයකින් පෙළෙමින් සිටියි. Millions in Mexico City set to go without water for days

ඒ, අලුත්වැඩියාවක් හේතුවෙනි.

විදෙස් වාර්තාවලට අනුව මේ වන විට මෙක්සිකෝ අගනුවර මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය කිරීමට මෙම ගැටළුව හේතු වී තිබේ. සංචාරක හෝටල්වලට තත්තවය බෙහෙවින් නරක අතට බලපා ඇත. පාසල් ගණනාවක් ද දමේ වන විට වසා දමා ඇති බව කියැවේ.

මෙක්සිකෝවේ අගනුවර මෙන්ම විශාලතම නගරය ද වන මෙක්සිකෝ සිටි හි මිලියන 8 ක් දෙනා ජීවත් වේ. මෙක්සිකෝ සිටි, ලෝකයේ විශාලතම නාගරිකයක් ද වේ. මෙක්සිකෝ සිටි හි හරි අඩක්ම පාහේ මේ වන විට ජල ගැටළුවෙන් මහත් අසීරුතාවන්ට පත් වී සිටිති. එසේම අසල්වැසි ප්‍රාන්තයේ මිලියන 3 ක ජනතාවට ද මෙයින් ගැටළු ඇති වී තිබේ.

ඉස්ටාපාලා (Iztapalapa) නමැති මෙම අසල්වැසි ජනපදයේ මිලියන 1.8 ක් දෙනා ජීවත් වෙති. එය මෙක්සිකෝවේ දුප්පත්ම ප්‍රෙද්ශයක් ද වේ. ඔවුන් මේ වන විට බීමට පවා ජලය නැති තත්වයට පත් වී ඇති අතර, බවුසර් මගින් ජලය ලබාදීම සිදු වේ.

the-iztapalapa-neighborhood-of-1-8-million-people-is-one-of-the-poorest-in-mexico-city-and-the-worst-affected-by-water-shortages-1540999898042-2

අද දිනය (03) වන තෙක්ම මෙම ජල ගැටළුව විසඳිය නොහැකි බව කලින් කියා තිබුණත්, අද දිනයේ ද මෙය යථා තත්වයට පත් නොවීමට ඉඩ ඇති බව අලුත්ම වාර්තාවල දැක්වේ.

රෙදි සෝදන්න එපා!

මෙක්සිකෝ සිටි හි ජල පද්ධති අධ්‍යක්ෂ රාමොන් අගියරේ පවසා තිබෙන්නේ මේ දිනවල ජලය පිරිමැසීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ය. ‘‘රෙදි සෝදන්න එපා.. පොඩි බකට් එකකට වතුර පුරවාගෙන මිසක් ස්නානය කරන්න එපා!“ යැයි ඔහු විසින් ලබාදුන් උපදෙසක් ද මේ වන විට මතභේදයට තුඩු දී තිබේ.

එසේම වරක් පාවිච්චි කර ඉවත දමන පිඟන් කෝප්ප ආදිය මේ දිනවල භාවිතා කරන ලෙස ද ඔහු කියා තිබිණි.

අලුත් ප්‍රශ්නයක් නොවේ!

කෙසේ නමුත් මෙක්සිකෝවට ජලය හිඟකම අලුත් ප්‍රශ්නයක් ද නොවන තරම් ය. මෙක්සිකෝ සිටි හි තිබෙන මිලියන 2.5 ක් වන නිවාසවලින් නිවාස ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයකට දිනපතා නිසි පරිදි ජල සැපයුම ලැබෙන්නේ නැත. මේ අතර නිවාස 45,000කට පමණ කරාම ජලය ද ලබා දී නැත.

මෙක්සිකෝ සිටි වෙත ජලය ලබාදෙන ජල සංචිතයන් පිහිටා තිබෙන්නේ පුරාණ ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ අගනුවර වශයෙන් සැලකෙන Tenochtitlan හි ය. එය දශක ගණනක් තිස්සේ නිසි නඩත්තුවකින් තොරව පවත්වාගෙන යනු ලබන්නකි. එසේම මෙම නගරය වසරකට සෙන්ටිමීටර 2-30 ත් අතර ප්‍රමාණයකින් ගිලා බැසීම ද සිදුවෙයි.

ඇතැම් වාර්තාවකට අනුව නගරයේ ජල සම්පතෙන් 40%ක්ම අපතේ යන්නේ නිසි නඩත්තුවකින් තොර වීම නිසා කාන්දුවීම් හේතුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි