×

මෝදි ‘මිහිමඬලේ වීරයා‘ වෙයි. – ලෝකයේ ඉහළම පරිසර සම්මානය දිනා ගනියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිනමන "මිහිමඬලේ වීරයා - 2018" (Champions of the Earth) සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරසිංහ මෝදිට ප්‍රදානය කෙරේ.


“මිහි මඬලේ වීරයා” සම්මානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිරිනැමෙන ඉහළම පාරිසරික සම්මානයයි. මේ වසරේදී එම සම්මානයට හිමි හිමිකම් කියන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝ බැව් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා සැසියේදී පසුගිය 26වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී.

ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැති උත්සවයකදී ඉන්දීය අගමැතිවරයාට එම සම්මානය අද ප්‍රදානය කෙරිණ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මේ සම්මානය පිරිනමා තිබෙන්නේ අන්තර්ජාතික සූර්ය සම්මුතියේ කටයුතු ඉදිරියට රැගෙන යෑමත්, පාරිසරික ක්‍රියාමාර්ග සහයෝගයෙන් පෙරට රැගෙන යෑම ප්‍රවර්ධනය කිරීමත් යන කාර්යයන්ට කැපවී කටයුතු කර ඇති බැවිනි.

වරක් පමණක් භාවිතයට ගෙන ඉවත හෙලන ප්ලාස්ටික් භාවිතය 2022 වනවිට ඉන්දියාවෙන් මුළුමනින්ම අතු ගා දැමීමට ඉන්දියාව මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි