×

අප්‍රිකාවේ ළාබාලතම බිලියනපතියා පැහැරගෙන!

අප්‍රිකා මහාද්වීපයේ ළාබාලතම බිලියනපතියා හැටියට සැලකෙන ටැන්සානියා ජාතික මොහම්මද් ඩෙව්ජි ටැන්සානියාවේ ඩාර් එස් සලාම්හිදී පැහැර ගෙන තිබේ.


43 හැවිරිදි මොහම්මද් ඩෙව්ජි පැහැර ගැනුණේ උදෑසන ව්‍යායාම සඳහා පිටත්ව යමින් සිටියදී බව සඳහන් වේ.

ඒ අවස්ථාවේදී ඔහු සිය ශරිරාක්ෂකයන් සමඟ නොසිට ඇත. පැහැර ගැනීමට හේතුව මේ වනතුරු අනාවරණය වී නැති නමුත් සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම තිදෙනාගෙන් දෙදෙනෙකු විදේශිකයන් බව ටැන්සානියා බලධාරීහු පවසති.

මොහම්මද් ඩෙව්ජි ඇමෙරිකා ඩොලර් බිලියන 1.5කට අධික වත්කමකට හිමිකම් කියූ ධනවතෙකි.

රෙදිපිළි, ආහාර පාන, ආහාරයට ගන්නා තෙල් වර්ග සහ තවත් නිෂ්පාදිත රාශියක් නිෂ්පාදනය කරන ව්‍යාපාර අප්‍රිකාවේ රාජ්‍යය හයක් තුළ හෙතෙම පවත්වාගෙන යයි.

අප්‍රිකාවේ සංවර්ධනය උදෙසා ආයෝජනය කරන්නැයි ජාත්‍යන්තරයට ආයාචනා කළ ප්‍රකටම චරිතයක් ලෙස ඔහුව සැලකේ.

තමන් සතු ධනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කරන බව හෙතෙම 2016 වසරේදී ප්‍රකාශ කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි