×

ඈත පෙරදිග රුසියාවෙන් ටොන් 1 ක සූරියකාන්ත මාළුවෙක්

ඈත පෙරදිග රුසියාවේ ෂාලිකන් පළාතේ ධීවරයන් පිරිසක් ඉටුරුප් දූපත (Iturup) අසලින් තමන්ගේ මාළු දැලේ මේ තරම් දැවැන්තයෙක් පැටළේවි කියා අපේක්ෂා කළේ නෑ.


නමුත් අවසානයේ දැලක පැටලී සිටියේ, මිහිමත සිටින බරෙන් අධිකතම අස්ථිමය මත්ස්‍යයා විදිහට සැලකෙන සූරියකාන්ත මාළුවෙක්. (ocean sunfish ). සමහරවිට මේ මත්ස්‍යයාට moonfish එහෙමත් නැතිනම් mola කියලත් කියනවා.

මේ මත්ස්‍යයා ටොන් 1කටත් වඩා බරයි. හරියටම කිව්වොත් කිලෝ 1100 ක්. දිගින් මීටර දෙකකටත් වඩා වැඩියි.

ලෝකයේ සමහර සංස්කෘතීන්වල නම් සූරියකාන්ත මත්ස්‍යයා ඉතාම රසවත් ආහාරයක් ලෙස සලකනවා. යුරෝපා සංගමයේ රටවල නම් මේ මත්ස්‍යයා තහනම් ආහාරයක්. ඒත් ජපානය, තායිවානය වගේ රටවලදී නම් ඒක රස බොජුනක්. නමුත් ඈත පෙරදිග රුසියාවේදීත් සූරියකාන්ත මත්ස්‍යයාව එවැනි රසවත් ආහාරයක් විදිහට සලකන්නේ නැහැ.

© sakhalin.Info

© sakhalin.Info

ඉතින් මැරුණු මත්ස්‍යයා දවස් 3 ක් ඉවුරේ දමා තිබුණා. අන්තිමට කුණු වෙන්න පටන් ගත්තා. අන්තිමට මාළුවාව කුණු ගොඩකට විසි කරනවා හැරෙන්නට ඔවුන්ට විකල්පයක් තිබුණේ නැහැ. මේ අන්දමින් කුණු ගොඩවලට විසි කරන මත්ස්‍යයන්ගෙන් වලසුන් ඇතුළු කැලෑ සතුන් සප්පායම් වෙනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි