×

අටකාමා වැලි කතරේ පොළොව පළාගෙන මතුවුණු යෝධ අතක් – නූතන ලෝකයේ අබිරහස්

චිලී රාජ්‍යයට අයත් අටකාමා වැලිකතර, මිහිමත ඇති ශුෂ්කතම භූමියයි. වර්ග සැපතුම් 40,500 ක් විශාල එය සැදී තිබෙන්නේ රතු සහ තැඹිලි පැහැයෙන් පිච්චනෙ වැලි තැනිතලාවලිනි.


 ඇසට පෙනෙන තෙක් මානයේම තත්වය එය ය.

අටකාමා කාන්තාරයේ භූමි ස්වභාවය ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නැත. නාසා විද්‍යාඥයන් පවා සිතන්නේ මේ කාන්තාරය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයාගේ යම් සම්බන්ධතාවක් මත බවයි. එනිසා අඟහරු ග්‍රහයා මතට යැවීම ට මිනිසා නිර්මාණය කරන රෝවර් යානා මුලින්ම අත්හදා බලන්නේ මේ පස මත ය. එහි මුදු වැලි ඩූන විසින් අමුතුම ආකාරයේ වාලුකා තරංග බිහිකරමින්, පෘථිවිය මත ජීවත් වීමට අසීරුම පරිසර තත්වයන් නිර්මාණය කරයි.

cnn.com

cnn.com

සැතපුම් 19,000 කින් සමන්විත පෑන් ඇමරිකානු අධිවේගී මාර්ගය හරහා අටකාමා කාන්තාරය පසුකර යන විට ඕනෑම කෙනෙක් ලෙහෙසියෙන් මං මුළා විය හැකිය. අවධානය බිඳී යා හැකිය. ගමන යන්නේ රාත්‍රී කාලයේ නම් තත්වය වඩාත් දරුණු වෙයි. ඒ, රෑ අහස සිසාරා පායන දහස් සංඛ්‍යාත වූ තරු රටා විසින් අසාමාන්‍යම වූ දසුනක් මවන නිසාය. තමන් සිටින්නේ පිටසක්වළ යැයි ද කෙනෙකුට විටෙක මෙහිදී සිතී යා හැකිය.

ඔය අතරේ අති අසාමාන්‍ය යෝධ අතක් කාන්තාරය මැදින් හමු වේ. ඒ අත, පොළොව පළාගෙන මතු වී දහස් තරු රටා මවන අහස වෙත දිගු වී තිබේ. හරියට, බලාපොරොත්තු බිඳී ගිය අයෙක්, අවසන් වතාවටත් අහස දෙසට අත දිගු කර උදව් ඉල්ලා සිටිනවා වැනිය.

cnn.com

cnn.com

cnn.com

එය කාන්තාර මිරිඟුවේම කොටසකැයි මුලින් සිතෙයි. නමුත් එය එසේ නොවේ. එය සැබෑවකි. එය මිනිසා විසින් මහ කතර මැද අඹන ලද්දකි. එය වම් අතක් බව ද පෙනේ.

එයට ‘කාන්තාරයේ අත‘ හෙවත් ‘මනෝ ඩෙල් ඩෙසියර්ටෝ‘(“Mano del Desierto”) යැයි කියනු ලැබේ. පොළොව පළාගෙන මතු වී ඇති ඒ අතේ දිස්වන්නේ මහපටැඟිල්ල හා සෙසු ඇඟිලි හතරයි. එය අඩි 36ක්, එනම් මීටර 11 ක් උස ය. එනම් දළ වශයෙන් කහපාට පාසල් බස් රියක තරමේ වේ. සැතපුම් 46 ක් දුරින් පිහිටන, ළඟම ඇති ඇන්ටොෆැගස්ටා නගරයට පවා මේ අත දිස් වේ.

එය නිර්මාණය කර තිබෙන්නේ චිලී ප්‍රතිමාකරුවෙකු වන මරියෝ ඉරාරාසබාල් (Mario Irarrázabal) විසිනි. ඔහු සම්මානනීය ප්‍රතිමාකරුවෙකි. අටකාමා කාන්තාරයට පය තැබූ මොහොතේ පටන් දිස්වන, සිත විඩාපත් කරවනසුලු භූමි දර්ශනයට බාධා කරමින් එය නිර්මාණය කරන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබෙන්නේ ඇන්ටොෆැගස්ටාවේ ජනතාව විසිනි.

cnn.com

1992 වසරේදී ඉදි කළ මෙය සාදා තිබෙන්නේ කොන්ක්‍රීට් සහ යකඩ යොදා ගනිමිනි. එහි තේරුම කුමක් විය හැකිද?

සමහරුන් කියන්නේ එය මිනිසා සොබාදහම ඉදිරියේ නිහතමානී විය යුතු බව සංකේතයත් බවය. සොබාදහමෙන් බාධක හා අභියෝග කෙතරම් පැමිණියත් මිනිසා ඒ සියල්ල පරයා නැගී සිටින බවට සලකුණක් ලෙස ද ඇතැම්හු මෙය විස්තර කරති.

මේ මිනිස් අතක් නම් එහි අනෙක් අත කෝ? මෙය ද ඇසිය යුතුම ප්‍රශ්නයකි. එහි අනෙක් අත වන දකුණු අත තිබෙන්නේ උරුගුවේ රාජ්‍යයේ ය. 2008 වසරේදී උරුගුවේ රාජ්‍යයේ අත්ලාන්තික් සයුර අසබඩ පුන්ටා ඩෙල් එස්ටේ වෙරළින් එම දකුණු අත ද පොළොව පළාගෙන නැගී සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි