මෙම පර්යේෂණය සිදුකර තිබෙන්නේ All India Institute of Medical Sciences විසින් වන අතර, ඔවුන්ගේ පර්යේෂණය අනුව වැඩිම සෙල්ෆි මරණ ගණන වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.
ඉන්දියාවට පසු රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය යන රටවලින් වැඩිම සෙල්ෆි මරණ ගණනක් වාර්තා වේ.
මෙසේ අවාසනාවන්ත අන්දමින් මියගිය අය අතරින් බහුතරය, එනම් 72% ක් වයස අවුරුදු 30 ට අඩු අය වේ.
කාන්තාවන් පිරිමින්ට වඩා වැඩිපුර සෙල්ෆි ඡායාරූප ගැනීමේ යෙදී සිටින නමුත්, අවදානම් සහගත ස්ථාන ඒ සඳහා ඔවුන් තෝරාගන්නේ ඉතා අඩුවෙනි. මේ නිසා වැඩිම සෙල්ෆි මරණ ගණනකට ලක්ව තිබෙන්නේ පිරිමි පාර්ශවයයි.
උස් ගිරි මුදුන්, ප්‍රපාත අද්දර, දියඇලි අසල සහ උස් ගොඩනැගිලිවල පියැසි අද්දර සිට සෙල්ෆි ගැනීම් හේතුවෙන් ඇද වැටීම, දියේ ගිලීම වැනි අනතුරු නිසා වැඩිම මරණ සංඛ්‍යාවක් මේ අතර වාර්තා වේ.
මේ අතරින් වැඩිම පිරිසක් මිය ගොස් තිබෙන්නේ දියේ ගිලීම නිසා ය.
දෙවැනි හේතුව, ‘ගමනාගමනය‘ හා සම්බන්ධ වේ. උදාහරණයක් වශයෙන් ගමන් ගන්නා දුම්රියක් ඉදිරියේ සිට සෙල්ෆි ගැනීම දැක්විය හැක.
තුන්වැනි සෙල්ෆි මරණකාරකය වන්නේ ගින්දර සහ උස් ස්ථාන වේ.
මේ අතර කොටින්, ව්‍යාඝ්‍රයන් වැනි භයානක සතුන් සමග සෙල්ෆි ගැනීමට යාම නිසා සිදුවූ මරණ 8 ක් පිළිබඳව ද පර්යේෂණ වාර්තාව සඳහන් කරයි.
කෙසේ නමුත් වාර්තා නොවූ මරණ ද විශාල සංඛ්‍යාවක් තිබිය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති. උදාහරණයක් වශයෙන් වේගයෙන් ගමන් ගන්නා වාහනයක සිට සෙල්ෆි ගැසීමට ගොස් මරණයට පත් වූ කෙනෙකුගේ මරණයට හේතුව ලෙස රිය අනතුරක් දක්වා තිබිය හැක. එසේම සංවර්ධනය වෙමින් පවතින රටවල, සෙල්ෆි මරණ වාර්තා වීමේ සම්භාවිතාව අඩු බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.
වාර්ෂිකව සෙල්ෆි මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් ද දැකගත හැකි බව ද මේ අතර නිරීක්ෂණය වේ.
මෙම පර්යේෂණයේ කතුවරුන් යෝජනා කර සිටින්නේ මෙම තත්වය තුළ ලෝකයේ රටවල් විසින් සෙල්ෆි තහනම් කලාප හඳුනාගැනීම අත්‍යාවශ්‍ය බවයි. උදාහරණ වශයෙන් කඳු මුදුන්, දිය ඇලි හෝ ජලාශ සහ උස් ගොඩනැගිලිවල පියැසි මෙවැනි කලාප විය හැක. ඉන්දියාව තුළ පමණක්, මුම්බාය නගරය ද කේන්ද්‍ර කරගෙන මෙවැනි ‘නෝ සෙල්ෆි කලාප‘ 12 ක් දැනට හඳුනාගෙන ඇත.
2015 වසරේදී වාර්තා වූයේ, රුසියාවේ සෙල්ෆි මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග, රුසියානු පොලිසිය විසින් ‘ආරක්ෂිත සෙල්ෆි‘ – “safe selfies‘‘ සඳහා මිනිසුන් දිරිගන්වන මුද්‍රිත පත්‍රිකා බෙදා හැරි බවයි.