×

කළු මුහුදේ රුසියා නාවික හමුදා මූලස්ථානයට එල්ල කළ යුක්රේනයේ ප්‍රහාරය පිටුපස බටහිර සහචරයින් සිටින බවට රුසියාවෙන් චෝදනා

නේටෝව රුසියාව සමඟ සෘජු ගැටුමක් ඇතිකර ගනිමින් ඇති බවටයි විශ්ලේෂකයන් අදහස් දක්වන්නේ.


ක්‍රිමියානු අර්ධද්වීපයේ කළු මුහුදේ රුසියානු නාවුක හමුදා මුලස්ථානයට මිසයිල ප්‍රහාරයක් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට යුක්රේනයේ බටහිර සහචරයින්ට උදව් කළ බවට රුසියාව චෝදනා කර තිබේ.

මොස්කව්හි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඊයේ(27)දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, යුක්රේනය විසින් රුසියා නාවික හමුදා මූලස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරය බටහිර බුද්ධි මාර්ග, නේටෝ චන්ද්‍රිකා වත්කම් සහ ඔත්තු බැලීමේ ගුවන් යානා යොදා ගනිමින් කල්තියා සැලසුම් කර බ්‍රිතාන්‍ය ආරක්ෂක ආයතනවල උපදෙස් මත සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වුවක් බවයි.

ඒ අනුව කියෙව් වෙත ආයුධ සැපයීමෙන් සහ යුක්‍රේන හමුදාවන්ට බුද්ධි තොරතුරු සැපයීමෙන් සහ රුසියානු මධ්‍යස්ථානවලට ප්‍රහාර සැලසුම් කිරීමට උදව් කිරීමෙන් එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් යුක්‍රේනයේ යුද්ධයට සම්බන්ධ වී ඇති බව මොස්කවූ දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපදය විසින් සාදන ලද ඒබ්‍රම්ස් යුධ ටැංකි යුක්රේනයට මේ සතියේ පැමිණීම සහ වොෂින්ටනය විසින් කියෙව්ට නිශ්චිත සංඛ්‍යාවක් සැපයීමට පොරොන්දු වීමත්, දිගු දුර ATACMS මිසයිල යුක්රේනයට ලබා දීමත් සමඟ නේටෝව රුසියාව සමඟ සෘජු ගැටුමක් ඇතිකර ගනිමින් ඇති බවටයි විශ්ලේෂකයන් අදහස් දක්වන්නේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි