×

දහස් ගණනක් හඬවා අවසන් ගමන් ගිය ඉන්දියාව දිවා රෑ සොයමින් සිටි කැරළිකරු ෂකීර් මූසා

ඔහු ඉන්දියාවට කෙතරම් අවශ්‍ය පුද්ගලයෙක් වුවද ඔහු මිය ගොස් සිටිනු දැකීමට ඉංදියාවට කෙතරම් අවශ්‍ය වුවද ඉන්දියාවේ බහුතරය මුස්ලිම් ජාතිකයන් සිටින පළාත්හී මූසාගේ මරණයට එරෙහිව දහස් ගණනින් එක්ව විරෝධතා පැවැත්වූහ.


ෂකීර මූසා කාලයක් තිස්සේ හදුන් වන ලද්දේ ඉන්දියාවේ ‘most wanted’ militant හෙවත් ඉන්දියාවට අත්‍යවශ්‍යම වූ කැරළි කරුය. ඒ ඔහු විසින් පසු ගියදා කාශ්මීරයේදී ඉන්දීය පරිපාලන නිළධාරීන් මරා දැමීමේ වරදටය‍.

ඉන්දීය හමුදාව දන්වා සිටියේ පසුගිය දා ෂකීර් මූසා ව වෙඩි තබා ඝාතනය කළ බවයි. දකුණු කාශ්මීරයේ ට්‍රාල් දිස්ත්‍රික්කයේ දී ඉන්දීය හමුදාව ඔහුව හසු කරගන්නා ලදී, ඉන්දියාවේ කාශ්මීර්හී ප්‍රධානපෙලේ කැරළි කණ්ඩායමක් වන හිස්බුල් මුජහිදීන් කණ්ඩායමෙන් වෙන්වුණ මූසා 2017 වසරේදී අල්කයිඩා සංවිධානය හා එකාබද්ධ විය.

ඔහු ඉන්දියාවට කෙතරම් අවශ්‍ය පුද්ගලයෙක් වුවද ඔහු මිය ගොස් සිටිනු දැකීමට ඉංදියාවට කෙතරම් අවශ්‍ය වුවද ඉන්දියාවේ බහුතරය මුස්ලිම් ජාතිකයන් සිටින පළාත්හී මූසාගේ මරණයට එරෙහිව දහස් ගණනින් එක්ව විරෝධතා පැවැත්වූහ.
ෂකීරා මූසාගේ සැබෑ නම ෂාකීර් රෂිඩ් බාත් ය. සුප්‍රසිද්ධ කාෂ්මීර හමුදා නායක බුරාන් ගේ පෞද්ගලික සහායකයා වශයෙන් ඔහු කාලයක් කටයුතු කලේය. ඔහුගේ පරමාදර්ෂය වූ බුරාන් වානි 2016 වසරේදී ආරක්ෂක අංශ මගින් මූසා මෙන්ම වෙඩි තබා මරා දමනු ලැබිණි. ඉන් පසුත් මුස්ලිම් බහුතරය සිටින පෙදෙස් වල විරෝධතා පැන නැගුන අතර සාමාන්‍ය වැසියන් 100 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සිවු මසක් තුළ කාශ්මීර නිම්නයේදී සිය ජීවිත පූජා කළහ.
ඉන්දීය ජනමාධ්‍ය පවසන්නේ ෂකීරා ගේ ඝාතනය වානිගේ ඝාතනයෙන් පසු ඉන්දීය ආරක්ෂක අංශ වල විශ්ෂ්ඨ ජයග්‍රහණයක් බවයි. ඔහුගේ කැරළි කණ්ඩායම වූ අන්ස්වාර් ගාස්වත් අල් හින්ද් කණ්ඩායම කෙතරම් ශක්තිමත් එකක්ව තිබුණේදැයි තවමත් පැහැදිලි නැත. ඉන්දීය මාධ්‍යවාර්ථා පවසන්නේ ෂකීරා මූසාගේ අවසන් කටයුතු වෙනුවෙන් පුද්ගලයින් 10,000 දෙනා සහභාගී වූ බවයි.
සිය නායකයාගේ මරණය සම්බන්ධව ඔවුන් සියල්ලෝම කම්පා වී ඇත. ඔවුන් පොලීසිය හා ගැටුම් ඇති කර ගනිමින් සිටී.
ඔවුන් සිය නායකයාගේ මළ සිරුර ඉදිරියේ ඉංදීය රජයට කියා සිටියේ ඔහු මරා දැමීමට තමන් විරුද්ධ වන බවය.
කාශ්මීරය බෙදා ගැනීමට පාකිස්ථානය සහ ඉන්දියාව අතර අරගලය අද ඊයේක ඇති වූවක් නොවේ. මීට වසර 70කට පෙර එනම් ඉන්දියව බ්‍රිතාන්‍ය නිදහස ලබා ගත් දා සිට මෙම රටවල් දෙක අතර කාශ්මීරය අත්පත් කර ගැනීම සදහා අරගල පැවතියේය. මේ හේතුවෙන් ජීවිත පූජා කර ඇති සංඛ්‍යාව 70,000ට ආසන්නය. මේ රාජ්‍යයන් දෙකම කාශ්මීරය සම්පූර්ණයෙන්ම තමන් වෙත අත්පත් කර ගන්නට අරගල කලද මේ මොහොත වන විට රටවල් දෙකම විසින් කොටස බැගින් පාලනය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි