×

ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් චිත්‍රපටය එළිදක්වයි

එය ජාත්‍යන්තර සිනමාවට අලුත් බලාපොරොත්තු එක්කරමින් සිටී.


2028 වසර සඳහා හඳුන්වාදෙමින් පවතින නවතම චිත්‍රපට අතරට ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් චිත්‍රපටය ජාත්‍යන්තර සිනමාවට අලුත් බලාපොරොත්තු එක්කරමින් සිටී. ඩොලර් මිලියන 170ක් වියදම් කර නිපදවා ඇති මෙම චිත්‍රපටය පසුගියදා ඇමරිකාවේදී මුල්වරට ප්‍රදර්ශනය විය.

[embedyt] https://www.youtube.com/watch?v=1FJD7jZqZEk[/embedyt]

2015 වසරේදී තිරගත වූ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය ලොව බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් බිලියන 1.67 ක ආදයමක් ඉපැයූ අතර නවතම රාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් ඊට වැඩි ආදායමක් උපයනු ඇතැයි බලාපොරොතුවේ.

ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් ජේ. ඒ බයෝනාගේ අධ්‍යක්ෂණයක් වන අතර පිටපත කෝලින් ට්‍රේවෝරෝ සහ ඩෙරික් කොනොලි වෙතිනි. ක්‍රිස් ප්‍රැට්, බ්‍රයිස් හවර්ඩ් ඇතුළු ශීල්පින් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි