×

මරා දැමූ අගරදගුරු සාන්තුවරයෙක් වෙයි.

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින්, ඝාතනයට ලක් කළ සැල්වදෝර අගදරගුරු ඕස්කාර් රොමේරියෝ (Óscar Romero) වතිකානයේ පැවති උත්සවයකදී සාන්තුවරයෙකු බවට පත් කළහ.


මෙම උත්සවය සඳහා රාජ්‍ය නායකයෝ ඇතුළු 60,000 ක පමණ පිරිසක් එක්ව සිටියහ. සැල්වදෝර ජාතිකයෝ 5000 ක් පමණ මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. එල් සැල්වදෝරයේ සිවිල් යුද්ධය පැවති සමයේ Óscar Romero අගරදගුරුවරයා විසින් සිය ජීවිතය කැප කරමින් සිදුකළ මෙහෙය අගයනු වස් මෙසේ සිදු කෙරිණි.

REUTERS

REUTERS

1980 වසරේදී ඕස්කාර් රොමේරියෝ අගරදගුරුවරයා ඝාතනය කෙරුණේ දේව මෙහයෙක් පවත්වමින් සිටින අතරවාරයේ ය. ඔහුගේ ඝාතකයන් කිසිදු විටෙක නීතිය හමුවට ගෙන ආවේ ද නැත.

මේ අතර, සයවැනි පාවුළු පාප්වහන්සේ (Pope Paul VI) සාන්තුවරයට උසස් කිරීම ද ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් මෙයට සමාන්තරව සිදුකරන ලදී. ඒ, 1960 දශකයේදී කතෝලික පල්ලිය වෙත ගෙන ආ ප්‍රතිසංස්කරණ අගය කරමිනි.

සාන්තුවර පදවියට උසස් කරන ලද සෙසු පිරිස අතර, වයස අවුරුදු 19 දී අස්ථි පිළිකාවක් හේතුවෙන් මිය ගිය ඉතාලි අනාථයෙකු ද, ජර්මානු කන්‍යා සොයුරියක ද වේ.

එදා 1980 වසරේදී ඇමරිකාවේ සහාය ලද සැල්වදෝර හමුදාව ඝාතන බල ඇණි සහ වධහිංසා යොදාගනිමින් වාමාංශිකයන්ගේ විප්ලවය මර්දනය කිරීමට ක්‍රියා කරමින් සිටියේ ආණ්ඩුව පෙරළීම සඳහා ඔවුන් ගෙන ගිය උත්සාහය ව්‍යාර්ථ කරමිනි. ‘‘මම ඔබෙන් අයැද සිටිනවා. මම ඔබට ආයාචනය කරනවා. දෙවියන්ගේ නාමයෙන් මම ඔබට විධාන කරනවා. මර්දනය නතර කරන්න‘ යැයි ඕස්කාර් රොමෙයිරියෝ අගරදගුරුවරයා එදා පවසා සිටියහ.

පසුදින, එනම් 1980 මාර්තු 24 වැනිදා ඊළඟ දිනයේ රෝහලක දෙව්මැදුරේ දේව මෙහෙයක් පවත්වමින් සිටින අතරවාරයේ අගරදගුරුවරයා වෙඩි තබා ඝාතනය කෙරිණි.

ඔහුගේ ඝාතනයෙන් ලෝකය කැළඹී ගිය අතර, එල් සැල්වදෝරයේ වසර 12 ක් තිස්සේ ජීවිත 75000 ක් බිලිගනිමින් ක්‍රියාත්මක වූ සිවිල් යුද්ධය අවසන් වීමට බලපෑ ප්‍රධාන සිදුවීම බවට එය පවත්විය.

REUTERS

REUTERS

1992 වසරේදී සිවිල් යුධ සමය තුළ අපරාධ සිදුකළ සියලුම දෙනාට සමාව ලබාදෙන නීතියක් ක්‍රියාත්මක කෙරුණේ එම ඝාතනයේ වගකිවයුත්තන් නිදහස් මිනිසුන් බවට පත් කරමිනි.

ඇතැමුන් ඔහුව දේවගැති කබායට වැසුණු ‘ගරිල්ලෙකු‘ ලෙස හඳුන්වන අතර, එල් සැල්වදෝරය ඔහුව සලකන්නේ දේශප්‍රේමී විරුවෙකු ලෙස ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි