×

ලන්ඩනයේ මියැන්මාර් තානාපති කාර්යාලයත් මිලිටරි ග්‍රහණයට

ලන්ඩන් නුවර පිහිටා තිබෙන මියැන්මාර් තානාපති කාර්යාලය, මියැන්මාර් මිලිටරිය විසින් අල්ලාගෙන තිබේ.


එක්සත් රාජධානියේ සිටි මියැන්මාර් තානාපති ක්වායි සවාර් මේ බව තහවුරු කරයි .

ඔහු ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට මෙසේ පවසයි.

‘‘මා එම්බසියෙන් එළියට එන විටම හමුදාව කඩා වැදුණා. ඔවුන් මියැන්මාර් හමුදා භටයන්..‘‘

තමන්ට තානාපති කාර්යාලය අත්පත් කර ගැනීමට මියැන්මාර් අගනුවරින් උපදෙස් ලැබුණු බව හමුදාව පවසයි. කෙසේ නමුත් තානාපතිවරයා ව ඔවුන් ග්‍රහණයට ගෙන නැත.

2021 පෙබරවාරි මාසයේදී මියැන්මාර මිලිටරිය විසින් රටේ බලය අල්ලා ගැනීම දැඩි ලෙස විවේචනය කිරීමට බ්‍රිතාන්‍යය සෑම අවස්ථාවකදීම පසුබට වූයේ නැත. මේ අතර, බ්‍රිතාන්‍යය පසුගිය සතියේදී මියැන්මාර හමුදා ජනරාල්වරුන් විසින් පූර්ණ හෝ අර්ධ ලෙස අධීක්ෂණය කෙරුණු ව්‍යාපාරික සමාගම්වලට එරෙහිව ද බ්‍රිතාන්‍යය සම්බාධක මාලාවක් පැනවීය.

විශ්වාස කෙරෙන්නේ මෙය ඔවුන් විසින් සිදුකළ එකට එක කිරීමක් විය හැකි බවටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි