මහා විද්‍යාඥ හෙන්රි කැවෙන්ඩිෂ් දහන වායුව හෙවත් හයිඩ්‍රජන් වායුව සොයාගැනීමෙන් (1776 වසරේදී)
හෙන්රි කැවෙන්ඩිෂ්ගේ හයිඩ්‍රජන් වායුව පිළිබඳ පරීක්ෂණය | Glogster
ලෝක ප්‍රසිද්ධ වූ බුද්ධිමතෙකි. එහෙත් ඔහු තරම් ස්ත්‍රීන් ට බිය වූ විද්‍යාඥයකු ද ඉතිහාසයේ නොමැති තරම් ය.
ඔහු ට මේ ලෝකයේ නුරුස්සන ම සහ ආගන්තුක ම සත්ත්ව කොට්ඨාසය වූයේ ගැහැනුන් ය. එය කුමක් නිසා කෙසේ ඇති වූ තත්ත්වයක් දැයි කිව නොහැක.
එහෙත් හෙන්රි කැවෙන්ඩිෂ් ගැහැනුන් දුටුවිට හැසිරුණේ ආසාත්මිකතාවකින් පෙලෙන්නකු ලෙසට යැයි සාක්ෂි තිබේ. නිවෙසේ මෙහෙකාරිය සමඟ පවා ඔහු ගණුදෙනු කළේ තුණ්ඩු කැබලි වලිනි.
ඇතමුන් පවසන ආකාරය ට ඔහු කාන්තාවන් කෙරෙහි අසාමාන්‍ය ලැජ්ජාශීලී ගතියක් පෙන්වීම මෙයට හේතුවයි. කෙන්ට් හි ආදිපාදවරයාගේ දියණිය වූ කැවෙන්ඩිෂ්ගේ මව ඔහු කුඩා කලදීම මියයාම නිසා ඔහු ගැහැනුන්ගේ ලෝකයෙන් දුරස් වූ බවද ඇතැම්හු කියති.
හෙන්රි කැවෙන්ඩිෂ් මහා විද්‍යාඥයා කාන්තාවන් සමග ඡායාරූපවලට පවා පෙනීසිටියේ ඉතාම ඉඳහිට ය. | National Portrait Gallery
හෙන්රි කැවෙන්ඩිෂ් කිසිදා විවාහ වුණේ ද නැත. අති මහත් මුදල් සම්භාරයක් තිබුනද ඔහු ඒවායින් සැප විඳින අයුරු නොදත්තේ ය. ලන්ඩනයේ රාජකීය විද්‍යා සංගමයේ සාමාජිකයන් සමඟ විද්‍යාව ගැන කතා කරනවා හැරෙන්නට ඔහු වෙනත් කිසිවෙක් සමග කිසිදු දෙයක් කතා කිරීම ට ද පි‍්‍රය නොකළේ ය.
එහෙව් මිනිසෙකුගෙන් ගැහැනුන් ගැන විමසීම පාපයකි. එහෙත් රාජකීය විද්‍යා සංගමයේ ඔහුගේ මිතුරෙක් දිනක් ඒ වැරැද්ද කෙළේ ය. “ඔබතුමා විවාහ නොවන්නේ ඇයි? කියා ඇසුවේ ය. ඔරවා බැලූ කැවෙන්ඩිෂ් ඔහු ට දුන්නේ එකම එක පිළිතුරකි. ” මම විවාහ වුණේ විද්‍යාව සමගයි”