×

ජපානයේ භයානක බැක්ටීරියා ආසාදනයක් වාර්තාගත වේගයකින් ව්‍යාප්ත වේ

2024 පළමු මාස ​​දෙක තුළ පමණක් ජපානයේ ප්‍රාන්ත 47 න් දෙකක් හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත වලින් ආසාදිතයන් 378 දැනටමත් හඳුනාගෙන තිබේ.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දුර්ලභ මෙන්ම භයානක බැක්ටීරියා ආසාදනයක් ජපානයේ වාර්තාගත අන්දමින් ව්‍යාප්ත වෙමින් පවතින බවට විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

ජපානයේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයට (NIID) අනුව මෙම බැක්ටීරියාව A කාණ්ඩයේ ස්ට්‍රෙප්ටොකොකල් රෝගයේ දරුණුම සහ මාරාන්තික ස්වරූපය – streptococcal toxic Shock syndrome (STSS)ලෙස හඳුන්වා ඇති අතර NIID විසින් නිකුත් කරන ලද තාවකාලික සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ STSS රෝගීන් 941ක් වාර්තා වී තිබේ. ඊට සාපේක්ෂව 2024 පළමු මාස ​​දෙක තුළ පමණක් ජපානයේ ප්‍රාන්ත 47 න් දෙකක් හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත වලින් ආසාදිතයන් 378 දැනටමත් හඳුනාගෙන තිබේ.

STSS හි බොහෝ විට streptococcus pyogenes නම් බැක්ටීරියාව මගින් ආසාදනය වන අතර එය ජල බිඳිති සහ ශාරීරික සම්බන්ධතා මගින් ව්‍යාප්ත වේ.

අත් පාවල ඇති තුවාල හරහා ද බැක්ටීරියාව රෝගීන්ට ආසාදනය විය හැකි අතර මුලින් උගුරේ අපහසුතාවයන් ඇති වන අතර සමහර අවස්ථාවල බරපතල රෝග, ටොන්සිලයිටිස්, නියුමෝනියාව සහ මෙනින්ජයිටිස් හා නෙරෝසිස් ඇතුළු රෝග ලක්ෂණ, සෞඛ්‍ය සංකූලතා සහ මරණයට හේතු විය හැකි අතර STSS රෝගීන්ගෙන් 30% ක් පමණ මාරාන්තික විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි