×

නේපාලයේ TikTok තහනම් කරයි

TikTok යනු ලෝකයේ වැඩිපුරම භාවිතා වන හයවන සමාජ වේදිකාවයි.


සමාජ සංහිඳියාවට තර්ජනයක් බව පවසමින් බිලියනයක් පමණ මාසික පරිශීලකයින් සිටින ජනප්‍රිය වීඩියෝ බෙදාගැනීමේ වේදිකාවක් වන TikTok සමාජ මාධ්‍ය වේදිකාව නේපාලයේ තහනම් කරන බව එරට රජය නිවේදනය කර තිබේ.

නේපාල කොංග්‍රස් පක්ෂයේ නායක ගගන් තාපා පැවසුවේ TikTok තහනම් කිරීමේ රජයේ අභිප්‍රාය ප්‍රකාශනයේ නිදහස මැඩලීම වන බවයි.

TikTok යනු ලෝකයේ වැඩිපුරම භාවිතා වන හයවන සමාජ වේදිකාවයි. මෙමගින් ළමයින්ට ඇති විය හැකි බලපෑම හේතුවෙන් සමාජ මාධ්‍යවල පාලනය දැඩි කිරීමට රටවල් කිහිපයක් උත්සාහ කර ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි