×

එක්සත් රාජධානියෙන් හමු වූ නව කොරෝනා මාදිලිය සිංගප්පූරුවටත්

එක්සත් රාජධානියේ දී සොයා ගන්නා ලද කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයේ, සිංගප්පුරුවේ මුල් ම ආසාදිතයා හමු වී ඇති බව සිංගප්පූරුව නිවේදනය කරයි.


මෙය සිදුව ඇත්තේ නිරෝධායනයේ සිටි එකොළොස් දෙනකුට කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය වැළදී ඇති බව පෙන්වූ පරීක්ෂණ ප්‍රතිඵලත් සමගිනි.

යුරෝපයෙන් පැමිණ ඇති මේ සියලු ආසාදිතයන් එසේ පැමිණීමෙන් අනතුරු ව දින දහ හතරක නිරෝධායනයේ තබන ලද අතර ඔවුන් ගේ සමීප ආශ්‍රිතයන් ද ඉන් පෙර ම නිරෝධායනය කර තිබේ.

දැනට B117 ප්‍රභේදය ප්‍රජාව අතර පැතිරෙන බවට තොර්තුරු නැතැයි එක්සත් රාජධානියේ හමුවූ නව ප්‍රභේදය පිළිබඳ අදහස් පළ කරමින් සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය පසු ගිය බදාදා කියා සිටියේ ය.

සිංගප්පූරුව යුරෝපයෙන් පැමිණෙන කොවිඩ් 19 ආසාදිතයන්ට වෛරස ජානමය අනුක්‍රමික පර්‍යේෂණ (viral genomic sequencing) පවත්වමින් සිටියේ ය.

මේ ප්‍රභේදය යුරෝපයෙන් පැමිණි 31දෙනකු අතර තිබූ අතර ඔවුන් සිංගප්පූරුව වෙත පැමිණ ඇත්තේ නොවැම්බර් 17ත් දෙසැම්බර් 17 අතර ය. ඔවුන්ට කොවිඩ් 19 ඇති බව මේ මස තහවුරු විණ.

නව ප්‍රභේදය ආසාදනය වූ රෝගියා සිංගප්පූරුවට එක්සත් රාජධානියෙන් පැමිණ ඇත්තේ දෙසැම්බර් 6 වැනිදා වන අතර, ඇය පැමිණීමෙන් අනතුරුව නිරෝධායනය කිරීමෙන් පසුව දෙසැම්බර් 8 වැනිදා රෝගය වැළදී ඇති බවට සොයා ගනු ලැබිණ. ඇගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇති අතර, ඔවුන් ගේ නිරෝධායන කාල සීමාව අවසානයේ රෝගය වැළදී නොමැති බව සොයා ගැනිණ.

මෙම ආසාදිතයා හුදෙකලා කර ඇති බවත් ඇය ගෙන් වෛරසය පැතිර යාමක් සිදු නොවනු ඇති බවත් සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියි.

තවත් එකොළොස් දෙනෙකු ගේ පර්‍යේෂණ වාර්තා ලැබෙන්නට නියමිත ය.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පැතිර යාම වැළැක්වීමට මෑත දි එක්සත් රාජධානියට ගොස් තිබෙන සංචාරකයන් පැමිණීම සිංගප්පූරුව විසින් අවහිර කර ඇත.

කෙසේ නමුත් මේ අතර ඊයේ දිනයේ නිවේදනය වූයේ මේ වන විට සාර්ථක ලෙස එක්සත් රාජධානිය පුරා එන්නත් කෙරෙමින් පවතින බයොන්ටෙක් එන්නත, මෙම නව වෛරස් මාදිලිය සඳහා ද සාර්ථක ප්‍රතිචාරයක් දක්වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි