×

නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවෙනුත් වාර්තා වෙයි – ආසාදිතයන් 02ක්

කොවිඩ් වෛරසයේ විකෘතියක් හට ගැනීම මත බිහිවූ නව ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට ඉන්දියාවෙන් ද හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඒ අනුව, කර්නාටක ප්‍රාන්තයේ 66 හා 46 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට මෙම නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා විදේස්ගතව සිට ඇති අතර, යළි මව්රට බලා පැමිණීමෙන් පසුව වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අදාළ පුද්ගලයන් දෙදෙනා මේ වන විට අධීක්ෂණය යටතේ පසුවන බව ඉන්දියාවේ මාධ්‍ය ප්‍රකාශකවරයකු බීබීසී පුවත් සේවය වෙත පවසා ඇත.

මේ නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවෙන් වාර්තා වන පළමු අවස්ථාවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි