×

ලෝකයේ ලස්සනම පක්ෂියා – කඳුකර තරුවෙහි මිමිණුම

ඉක්වදෝරයේ කඳුකර පෙදෙස්වල ජීවත්වන නව පක්ෂි විශේෂයක් හඳුනා ගන්නට විද්‍යාඥයෝ සමත් වෙති.


නව පක්ෂි විශේෂය මුමුණයක් නගන පක්ෂි විශේෂයක් හෙවත් හමින්බර්ඩ් විශේෂයක් (hummingbird) වේ.

එම විශේෂය නම් කර තිබෙන්නේ “නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව” (blue-throated hillstar) යනුවෙනි. මේ විශේෂයට අයත් පක්ෂීන් 300කට වඩා මිහිමත නැති බව, එම විශේෂය පළමුවෙන්ම වර්තා කළ පක්ෂි විද්‍යාඥ ෆ්‍රැන්සිස්කෝ සොර්නොසා පවසයි. වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ෂි විශේෂයක් හැටියට ඔවුන්ව මේ නිසා නම් කර තිබේ.

නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව හැඳින්වෙන්නේ ඔරෙඔට්‍රොකිලස් සිනොලේමස් (Oreotrochilus cyanolaemus) යන විද්‍යාත්මක නාමයෙනි. එම විශේෂයේ කැපී පෙන්නම ලක්ෂණය, තද නිල් පැහැයෙන් යුත් දිගු ගෙල ප්‍රදේශයයි. පක්ෂියකුගේ ගෙල සෙන්ටිමීටර 11ක් හෙවත් අඟල් 4ක් පමණ දිගැති බව සඳහන් වේ. ඔවුන්ගේ හොටය මඳක් වක් ස්වරූපයක් ගනී. ඒ නිසා ඔවුන්ට ඉතා කුඩා ප්‍රමාණයේ මල්වලට පවා නැඹුරුවෙමින් ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ ලැබේ. තමන්ගේ බර මෙන් දෙගුණයක් බරැති මල් පැණි ප්‍රමාණයක් පානය කරන්නට මේ පක්ෂීන්ට පුළුවන. උන්ගේ හෘද ස්පන්දනය පාරිසරික උෂ්ණත්වයන්ට අනුරූපව රාත්‍රී කාලයේදී පහළ වැටෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව වාසය කරන්නේ මුහුදු මට්ටමෙන් මීටර 3000ත් 3700ත් අතර උසකින් යුත් පෙදෙස්වල ය. ඉක්වදෝරයේ ලොජා සහ එල් ඔරෝ යන පළාත්වල කඳුකර පෙදෙස්වලින් ඔවුන්ව වාර්තා වී ඇත. මේ පක්ෂීන්ගේ ගහනය අඩුවීමත්, ඔවුන්ගේ වාස භූමි ලෙස සැලකෙන මතු දැක්වූ ප්‍රදේශ පක්ෂි විද්‍යාඥයන්ගේ අවධානයට යොමු නොවීමත් නිසා නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව ගැන තොරතුරු අනාවරණය නොවී පැවැත ඇත.

නිල් ග්‍රීවයක් සහිත කඳුකර තරුව සොයා ගත් පක්ෂී විද්‍යාඥ ෆ්‍රැන්සිස්කෝ සොර්නොසා ඉක්වදෝරය, වෙනිසියුලාව, ඩෙන්මාර්කය සහ ස්වීඩනය යන රටවල් කේන්ද්‍ර කරගෙන පර්යේෂණ කටයුතුවල නියැලෙන පක්ෂි විද්‍යාඥයෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි