×

‍ඔවුහු නිව්යෝර්ක් නගරයට සමුදී හදවත් දිවයිනේ හුදෙකලාව මිහිදන් වෙති

සියලු රාජ්‍ය්‍යන් අභිබවමින් නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආසාදිතයින් වාර්ථා වීම ඇරඹෙයි.


 

නවතම සංඛ්‍යා ලේඛනයන්ට අනුව කොරෝනා වසංගතය වැඩියෙන්ම ව්‍යාප්ත වන භූමිය බවට ඇමරිකාවේ නිව්යෝර්ක් ජනපදය පත්ව ඇත. ඇමරිකානු රජය විසින් තහවුරු කරන ලද වාර්තාවන්ට අනුව පසුගිය බ්‍රහස්පතින්දා වන විට නිව්යෝර්ක් ජනපදය තුළ තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 10000කින් ඉහළ ගොස් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1 59,937 ක් විය. ඒ් අනුව ඇමරිකාව ස්පාඤ්ඤය (වාර්තා කළ රෝගීන් 1 53 000 ) ඉතාලිය (143000) යන රාජ්‍ය්‍යන්ට වඩා ඉදිරියෙන් සිටී.

කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් සම්බන්ධව ලොව ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් ජනපදයයි. එහි මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 7000කි. චීනයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව වන්නේද 3000කි.

පහත දැක්වෙන්නේ නිව්යෝර්ක් නගරයේ කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින් මිහිදන් කරන සමූහ මිනී වලකි. ඩ්‍රෝන කැමරා මගින් ලබා ගත් මෙම ඡායාරූප වලට අනුව කම්කරුවන් බ්‍රොන්ක්ස් වලින් ඔබ්බේ පිහිටි ‘හාර්ට් දූපතේ‘ හාරන ලද මෙම සමූහ මිනී වළෙහි මිය ගිය අයගේ සිරුරු බහාලූ පෙට්ටි මිහිදන් කරනු ලබයි. මෙම සොහොන් බිම මීට ඉහතදී භාවිත කර ඇත්තේ කිසිදු ඥාතියෙකු නොමැති හෝ අවමංගල්‍ය කටයුතු කිරීමේ හැකියාවක් නැති පිරිස මිය ගිය පසු තැන්පත් කිරීම සදහාය.

Drone pictures show bodies being buried in a wide trench on New York's Hart Island

Drone pictures show bodies being buried on New York's Hart Island

Coronavirus: New York has more cases than any country - BBC News

නමුත් අද වන විට මෙම සොහොන් බිම අන් කවරදාටත් වඩා කාර්ය බහුල සොහොන් බිමක් බවට පත්ව ඇත. සාමාන්‍යයෙන් මෙහි කටයුතු සිදු කිරීමට යොදා ගනු ලබන්නේ රිකර්ස් දූපතේ සිරකරුවන්ය. නමුත් කොරෝනා වසංගතය සමග මිය ගිය පුද්ගලයින් ගේ අවසන් කටයුතු කිරීම මේ වන විට කොන්ත්‍රාත්කරුවන් වෙත පවරා ඇත. ඒ්, ප්‍රමාණය දරා ගත නොහැකි බැවිනි.

ධවල මන්දිරයේ කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ ප්‍රධාන සාමාජිකයෙකු වන ආචාර්ය ඇන්තනි ෆවුසි එන්බීසී නිවුස් ටුඩේ වැඩසටහනට පැවසුවේ බ්‍රහස්පතින්දා කොවිඩ් -19 රෝගයෙන් මිය යන ඇමරිකානුවන්ගේ අවසන් සංඛ්‍යාව 60,000 ක් වනු ඇති බවයි.

මාර්තු මස අග දී  ආචාර්ය ෆවුසි ඇස්තමේන්තු කර ඇත්තේ “100,000 ත් 200,000 ත් අතර” සංඛ්‍යාවක් මිය යා හැකි බවයි. නමුත් රජයේ දත්ත වලට අනුව, 60,000 ප්‍රක්ෂේපණය කර ඇති අතර උප ජනාධිපති මයික් පෙන්ස් බ්‍රහස්පතින්දා අවධාරණය කළේ කොවිඩ් -19 ඉන්ෆ්ලුවෙන්සා රෝගය මෙන් මෙන් තුන් ගුණයකින් බෝ විය හැකි බවයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි