×

නොනිදන නගරයේ ලයිට් කැපේ

නොනිදන නගරය ලෙස හැඳන්වෙන ඇමරිකාවේ නිව්යෝක් නුවර විදුලිය හදිසියේම විසන්ධි විය.


ලෝකයේ නොනිදන නගරය ලෙස නම් දරා තිබෙන ඇමරිකාවේ නිව්යෝක් නුවර විදුලිය හදිසියේම විසන්ධි වූයේ, ඇමරිකානුවන්ට තුන්වන ලෝකයේ අත්දැකීමක් ලබා දෙමිනි.

මේ අතරින්, නිව්යෝක් අගනුවර හදවත ලෙස සැලකෙන මැන් හැටන් ප්‍රදේයේ සිදුවූ විදුලිය විසන්ධි වීම සහ මැන්හැටන් අඳුරේ ගිලී යාම ජාත්‍යන්තර ශීර්ෂපාඨ මවන සිදුවීමක් බවට පත්ව තිබේ.

එයට හේතුව වී තිබෙන්නේ මෙම විදුලිය විසන්ධි වීම සිදුවන්නේ සෙනසුරාදා රාත්‍රියේ වීමයි. සෙනසුරාදා රාත්‍රිය, බ්‍රෝඩ්වේ රංගශාලාව වෙත දහස් ගණන් දෙනා ඇදී එන නාට්‍යමය සහ සංගීතමය රාත්‍රිය වේ. අවසානයේදී මේ නාට්‍ය රසිකයන්ට සිදුවූයේ සයිරන් නළා හඬ මැද දැඩි අන්ධකාරයේ ගිලී යන්නට ය. ටයිම්ස් චතුරස්‍රෙය් විදුලි පුවරු සියල්ලම මේ නිසා අඳුරේ ගිලී ගිය අතර, රොකෆෙලර් කුලුන ද අන්ධකාරයෙන් වැසී ගියේය.

CNN
CNN
ටයිම්ස් චතුරස්‍රයේ දැකගත හැකි වූයේ විදුලි එළියෙන් ආලෝකමත් නොකළ මෙවැනි පුවරු පමණි – CNN
CNN
NEW YORK, NY – JULY 13: Seen from the air, a large section of Manhattan’s Upper West Side and Midtown neighborhoods sit coated in darkness during a partial blackout, July 13, 2019 in the Manhattan borough of New York City. City and Con Edison officials claimed over 60,000 people were impacted by the power loss, disrupting traffic signals, subway service, and Manhattan’s busy theater district for several hours. (Photo by Scott Heins/Getty Images)

පැය කිහිපයක් මෙම විදුලිය විසන්ධි වීම පැවතුණු අතර එය නැවත යථා තත්වයට පත් කරන විට සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය ද ඉක්ම ගොස් තිබිණි. විදුලිබලය ඇණ හිටීම සිදුවූයේ සවස 6.47 ට පමණ ය.73,000 කට අධික පිරිසක් මේ නිසා අපහසුතාවට පත්ව ඇති බව සඳහන් වේ.

විදුලි උප පොළක ඇති වූ දෝෂයක් මේ සඳහා හේතු වූ බව පැවසෙන නමුත් විදුලිය විසන්ධි වීමට බලපෑ සැබෑ හේතුව මේ දක්වා අනාවරණය වී නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි