×

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු නිව්යෝක් උමං දුම්රිය නැවත ගමන් අරඹයි.

ඇමරිකාවේ පදනම් සසල කළ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ප්‍රහාරය එල්ල වී හෙටට (සැප්.11) ට හරියටම වසර 17 කි.


එදා එම ප්‍රහාරයෙන් වැළලී ගිය නිව්යෝක් උමං දුම්රිය ස්ථානය නැවත විවෘත කෙරුණේ එහි අමිහිරි මතක සැමරුම් වෙත ඇමරිකානුවන්ගේ මතකය ගෙන යමිනි.

නිව්යෝක් හි ලෝක වෙළඳ මධ්‍යස්ථායේ ට්වින් ටවර්ස් හෙවත් ද්විත්ව කුලුන අල් කයිඩා ත්‍රස්තවාදීන්ගේ ගුවන් යානා ප්‍රහාරයට නතු වී ගිනිගෙන කඩා වැටීමත් සමග එදා මේ දුම්රිය ස්ථානය පොළොව තුළ වැළලී ගිය බව කීම නිවැරදි ය.

මෙම දුම්රිය ස්ථානය ලෝක වෙළඳ මධ්‍යස්ථානය යටතේ පැවතුණි. එදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වී යාමෙන් පසු මෙට්‍රොපොලිටන් ගමනාගමන අධිකාරිය එය නැවත ඉදිකිරීම ආරම්භ කළේ 2015 වර්ෂයේදී ය.

නිව්යෝක් නුවර යථා තත්වයට පත් කිරීම සඳහා කළ යුතු අවසන් දෙය මෙම උමං දුම්රිය ස්ථානය නැවත විවෘත කිරීම බවට මතයක් තිබිණි.

9/11 හෙවත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් ඇමරිකානුවෝ 3000 ක් දෙනා ජීවිතක්ෂයට පත් වූහ. ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරමින් ඇමරිකාව විසින් ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය‘ (War on Terror) ආරම්භ කළේ මෙම සිදුවීම මුල් කර ගනිමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි