නවසීලන්ත අගමැතිනිය ජගත් සංවිධානයේ මහා සභා සැසිවාරයේදී දේශයක් කර තිබුණාය. එය ජගත් සංවිධානය හමුවේ ඈ කළ මංගල කතාව බව සඳහන් වේ. ජසින්ඩා අර්ඩන් මේ අවස්ථාවට සහභාගී වී සිටියේ තෙමස් හැවිරිදි දියණිය සහ සැමියා ක්ලාර්කේ ගේෆෝර්ඩ් ද සමඟිනි. අගමැතිනිය කතාව සිදුකරන කාලය තුළදී දියණිය බලාගත්තේ ක්ලර්කේ ගේෆෝර්ඩ් ය.
This is newborn Neve’s first international trip since being born on 21 June | Reuters
අගමැතිනියගේ පෙර කතාවට සහ කතාවට පසු ඔවුන් තිදෙනා ඉතාමත් සන්තෝෂයෙන් සභා ගර්භයේ රැඳී සිටින අන්දම බොහෝ මාධ්‍ය සේවා ඡායාරූප සහිතව පළ කර තිබිණ.
නිව්සීලන්ඩ් හැරල්ඩ් පුවත්පතට ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය කියා තිබුණේ සිය තෙමස් හැවිරිදි දියණිය – නෙවේ ටෙ අරෝහාව එක්සත් ජාතීන්ගේ මහා සභා සැසියට රැගෙන ඒම ප්‍රායෝගික තීරණයක් වූ බවයි.
“…මම නවසීලන්තයේ ඉන්න වෙලාවට නෙවේ මා ළඟමයි ඉන්නේ. …” කියා ඈ වැඩිදුරටත් සඳහන් කර තිබිණ.
ජසින්ඩාගේ සහකරු රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. දියණිය උපත ලැබීමෙන් පසු ඔහු දැන් සිය රැකියාවට සමුදී සිටියි. | Reuters
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා සැසිවාරයට සහභාගි වන අමුත්තන්ට විශේෂ හැඳුනුම්පත් සකසා ලබා දී තිබිණ. නෙවේ වෙනුවෙනුත් වෙනම හැඳුනුම්පතක් සකස් කර තිබුණේය. මේ හැඳුනුම්පතෙන් නෙවේව හඳුන්වා දී තිබුණේ “ෆර්ස්ට් බේබි” හෙවත් “පළමු බබා” වශයෙනි.
නවසිලන්ත අගමැතිනිය ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී සිය රාජකාරී කටයුතු කරගන්නා තුරු නෙවේව බලා ගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ ක්ලර්කේ ගේෆෝර්ඩ් වෙත ය. එක්සත් ජාතීන්ගේ සැසියට පැමිණෙමින් අගමැතිනිය ආරම්භ කර තිබෙන්නේ දින හයක සංචාරයකි. ඒ අනුව පළමු බබාගේ පළමු අන්තර්ජාතික සංචාරය වන්නේ ද මෙයයි.
ජසින්ඩා අගමැතිනිය, නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමින් | Reuters
අගමැතිනිය මාධ්‍යට කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ සංචාරය සඳහා තම සැමියා එක්වූයේ පෞද්ගලික වියදමෙන් බවයි. සංචාරය අතර තුරදී දරුවා රැක බලාගැනීමේ කාර්යය වෙනුවෙන් ඔහු කැප වී සිටිනු ඇති බවත් ඈ පෙන්වා දී තිබිණ.