නවතම පර්යේෂණ මඟින් අඟහරු මත ජල මූලාශ්‍රයක් පවතින බවට සාක්ෂි හමු වෙයි. මෙය ජලය සහිත කුඩා විලක් බව පර්යේෂකයෝ අනුමාන කරති.
හමුවූ සාක්ෂි අනුව පර්යේෂකයින් තවදුරටත් විශ්වාස කරන්නේ අඟහරු ග්‍රහයාගෙේ දක්ෂිණ ධ්‍රැවයේ කිලෝ මීටර් 20ක පමණ අයිස් තට්ටුවක් ඇති බවයි.
මින් පෙර පර්යේෂණ වලදී මෙවැනි ජලය ගැන සාක්ෂි අඟහරු මත ජීවයක් ඇති බව තහවුරු කරනු ඇති බවයි. ග්‍රහලෝකයක් මත ජල මූලාශ්‍රයක් පවතින බව සොයා ගත් පළමු අවස්ථාව මෙය වෙයි.
ග්‍රහලෝක මත පවතින අධික ශීත හේතුවෙන් ජලය පැවතුනද ඒවා දැක ගත හැකි වන්නේ අයිස් තට්ටු ලෙසයි. නමුත් අඟහරු මත ගලා යන ජල මූලාශ්‍රයක් ඇති බව නවතම පර්යෙෂණ මඟින් මෙසේ අනාවරණය වී තිබේ.
පෘථිවියට එහා ජීවයක් ගැන මෙය හොඳ සාක්ෂියක් වනු ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි.
අඟහරු පිළිබඳව European Space Agency’s (Esa) විසින් මෙම සාක්ෂි අනාවරණය සිදු කර ඇති අතර එය එතරම් විශාල නොවන විලක් බව පර්යේෂණ ප්‍රධානී මහාචාර්ය රොබෙටෝ ඔසෙනි පවසයි.