×

මැසිඩෝනියාව අද සිට උතුරු මැසිඩෝනියාව ලෙස වෙනස් වෙයි.

මැසිඩෝනියාව තම නම භාවිත කිරීමට ග්‍රීසියේ විරුද්ධත්වයට හේතු වූයේ ග්‍රීසියේද මැසිඩෝනියාව නමින් ප්‍රාන්තයක් පැවතීමයි.


දශක ගණනක් තිස්සේ පැවති අර්බුදයක් නිමා කරමින් මැසිඩෝනියාව Macedonia සහ අසල්වැසි ග්‍රීසිය අතර ඓතිහාසික ගිවිසුමක් අත්සන් තබන ලදී. ඒත් සමග රටේ නම නිසා මැසිඩෝනියාවට පසු ගිය කාලය ඒල්ලවූ සියළු බලපෑම් අවසන් විය .

තම රටට මැසිඩෝනියාව Macedonia යන නම භාවිතා කිරීමට එරෙහිව ග්‍රීසිය විසින් දශක ගණනාවක් තිස්සේ මැසිඩෝනියාව වෙත සිය විරෝධතාව ප්‍රකාශ කරන ලදී. නොබෝදා මෙම තත්ත්වය උග්‍ර අතට හැරුණේ දෙරට ජනතාවගේ විරෝධතා කැරළිද සමගිනි. ඒත් සමග නම සම්බන්ධව ඇති වූ තත්ත්වය ජාත්‍යන්තරය තුළ මහත් කථා බහක් ඇති කිරීම දක්වා දුර දිග ගියේය.

මැසිඩෝනියාව තම නම භාවිත කිරීමට ග්‍රීසියේ විරුද්ධත්වයට හේතු වූයේ ග්‍රීසියේද මැසිඩෝනියාව නමින් ප්‍රාන්තයක් පැවතීමයි. මේ හේතුවෙන් තමන්වෙත සිය ප්‍රාන්තය අහිමි වනු ඇති බවට බිය වූ ග්‍රීසිය තම නම වෙනස් කර ගන්නා ලෙස මැසිඩෝනියාවට බලපෑම් කරන්නට විය .

මෙම ගැටළුව ට විසඳුම් සෙවීම සඳහා දීර්ඝ කාලීනව දෙරට පැවති සාකඡ්චා වන්හී ප්‍රථිපලයක් ලෙස දෙරට මේ වන විට එකඟත්වයකට පැමිණ සිටී. ඒ අනුව වර්තමාන මැසිඩෝනියා පාලකයන් තීරණය කොට ඇත්තේ දැනට මැසිඩෝනියාව වශයෙන් හැඳින්වෙන ප්‍රදේශය උතුරු මැසිඩෝනියාව North Macedonia ලෙස නම් කිරීමටයි. ඒ අනුව ඊට අදාළ ඓතිහාසික ගිවිසුම දෙරටේ නායකයන් අතර අත්සන් තැබිණි.

මෙසේ මැසිඩෝනියාව යන නම ග්‍රීසිය වෙත මෙන්ම මැසිඩෝනියාව තුළද භාවිත වන්නට හේතු වී ඇත්තේ ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් රජු හා ඔහුගේ පියා වන පිලිප් රජු මැසිඩෝනියා ජාතිකයින් වීමය. පිලිප් රජුගේ පාලන කාලය තුළදී මැසිඩෝනියා හමුදා ග්‍රීසිය යටත් කර ගත් බවද කියවේ .

නමුත් මෑතකදී යුගෝස්ලෝවියාව බිඳ වැටීමෙන් පසු අලුතින් රාජ්‍යයන් නිර්ණය කිරීමේදී මැසිඩෝනියාවේ දේශ සීමාව පිළිබඳ නව ගැටළු ඉස්මතු වීම ආරම්භ විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි