×

බදු නිසා උත්සන්න වන ඇමරිකා, චීන සීතල යුද්ධය.

ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ චීනය වෙළෙඳ අසමතුලිතය උපයෝගී කරගනිමින් අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා ගනිමින් සිටින බවය.


වෙළඳ කටයුතු හා බදු පැනවීම සම්බන්ධව ඇමෙරිකාව සහ චීනය අතර ගැටුම තව දුරටත් උත්සන්න වේ .චීනයෙන් අපනයන කරන භාණ්ඩ මත ඇමරිකාව විසින් බදු පැනවීමත් සමග නොබෝදා චීන ජන මාධ්‍ය විසින් ඇමරිකානු ජනපති වරයා උපහසයටද ලක්කර තිබුණි.

ඒ සියල්ල මධ්‍යයේ ඇමෙරිකා ජනාධිපතිවරයා නැවතත් චීනයට තීරු බදු පනවන බවට තර්ජනය කරමින් සිටී. ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක තීරු බද්දක් නැවතත් පනවනු ඇති බවයි.

මේත් සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා නව බදු පනවනු ඇත. චීනයට චෝදනා කරමින් ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ චීනය වෙළෙඳ අසමතුලිතය උපයෝගී කරගනිමින් අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා ගනිමින් සිටින බවය.

පසුගිය සිකුරාදා ඇමරිකාව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 50ක වටිනාකමකින් යුත් චීන භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් අය කරන බව ප්‍රකාශ කළ අතර එම බදුවලට ප්‍රතිචාර වශයෙන් චීනය ඇමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන, වාහන සහ නාවික නිෂ්පාදන භාණ්ඩ 659කට බිලියන 50ක වටිනාකමකින් යුතු භණ්ඩවල තීරු බද්දක් පනවන්නට සූදානමින් සිටින බව ඇමරිකාවය තර්ජනය කරනු ලැබිණ.

ලොව ඉහළම පෙළේ ආර්ථිකයන් දෙකක් සතු ඇමරිකාව හා චීනය මෙසේ එකිනෙකා අතර බදුපනවා ගනිමින් සීතල යුද්ධයක නිරත වන බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි