×

ඇමරිකාව, ජගත් මානව හිමිකම් කවුන්සිලය හැරයයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මානව හිමිකම් යන්න විහිළුවකට ලක් කරමින් සිටී- නිකී හෙලී


ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් (UNHCR) ඉවත් වීමට තීරණය කරයි . ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලනිකව පක්ෂපාතී බවට චෝදනා කරමිනි .

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකාවේ නියෝජිතවරිය වන නිකී හෙලී මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු කුහක මෙන්ම ස්වයං සේවා සංවිධානයක් බවත් එය මානව හිමිකම් යන්න විහිළුවකට ලක් කරමින් සිටින බවත්ය.ඇය පසුගිය වසරේද මෙවැනිම චෝදනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එල්ල කළාය.

2006 වසරේදී ආරම්භ කළ මානව හිමිකම් කවුන්සිලය ස්විට්සර් ලන්තයේ ජිනීවා නුවර මුල් කරගනිමින් ක්‍රියාත්මක වේ. මානව හිමිකම් තර්ජනයට ලක් වන සහ මානව හිමිකම් උල්ලංඝනය කරනු ලබන රාජ්‍යයන් හා ජාතීන් සම්බන්ධව ප්‍රශ්න කරමින් සහ එකී තත්ත්වයන් සමනය කිරීම සඳහා එය ක්‍රියා කරමින් සිටී.

ඇමරිකා එක්සත් ජනපදය විසින් පසුගියදා සංක්‍රමණිකයන්ට විරුද්ධව කටයුතු කළ ආකාරය මෙන්ම මසක් තුළ දරුවන් 2000ක් දෙමවුපියන්ගෙන් වෙන් කර තැබීමට කටයුතු කිරීම ආදීය නිසා ඇමරිකානු මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ විවේචන සහ බලපෑම් එල්ල විය. ඇමරිකානු ජනපතිවරයාගේ මෙකී මානව හිමිකම් ප්‍රතිපත්තීන්ද ඇමරිකාවේ මෙම ඉවත්වීමට හේතුවක් වන්න ඇත.

2006 වසරේදී මානව හිමිකම් කවුන්සිලය ආරම්භයේදීමත් ඊට එක්වීම ඇමරිකාව විසින් ප්‍රත්ක්ෂේප කරන ලදී. ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයට එක්වුණේ 2009 වසරේ ජනපති බැරැක් ඔබාමා පාලන සමයේදීය. නමුත් 2013 වසරේදී චීනය ,රුසියාව, සවුදි අරාබිය,ඇල්ජීරියාව සහ වියට්නාමයට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධව ඇමරිකාවේ විවේචනය මානව හිමිකම් කවුන්සිලයට දැඩි සේ එල්ල විය.

ඇමරිකානු නියෝජිතවරිය නිකී හෙලී සමග එක්ව පුවත් පත් සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මානව හිමිකම් කවුන්සිලය විවේචනය කර ඇත්තේ එය ” මානව හිමිකම් පිළිබඳව අසමත් ආරක්ෂකයෙක් බවයි.ඇමරිකාවේ මෙම තීරණය සම්බන්ධ ව ඊශ්‍රායලය සිය ප්‍රශංසාව පළ කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි