×

කැනඩාවේ, කංසා භාවිතය…. නීතිගත කෙරේ.

ඒක් සමග ලොව කංසා භාවිතය නීති ගත කළ ලොව දෙවන රට බවට කැනඩාව පත්වේ.


මර්ජුවානා හා කංසා භාවිතා කිරීමට මෙතෙක් තිබූ නීති ඉවත් කර සකසන ලද කංසා භාවිතය නීතිගත කරන්නට කැනඩාව පියවර ගනී.

කැනේඩියානු පාර්ලිමේන්තුව විසින් ඊිට අදා පනත Cannabis Act අද සම්මත විය. ඒ කැනේඩියානු සෙනෙට් මණ්ඩලයේ 52ක් පක්ෂවත් 29ක් අපක්ෂවත් ඡන්ද ලබා ගැනීමෙනි.

මෙම පනතට අනුව මෛ මත් ද්‍රව්‍ය වගා කිරීම, බෙදා හැරීම සහ විකිණිම පිළිබඳව නීති හා රෙගුලාසිද හඳුන්වා දී ඇත.

ඒක් සමග ලොව ගංජා භාවිතය නීති ගත කළ ලොව දෙවන රට බවට කැනඩාව පත්වේ. පළමු රට වන්නේ උරුගුවේ ය.ඒ 2013 වසරේ දෙසැම්බර් මස සිටය.

ඒ අනුව වැඩිහිටියෙකුට කංසා ග්‍රෑම් 30ක් දක්වා ප්‍රමාණයක් ප්‍රසිද්ධ ස්ථානවලදී ළඟ තබා ගත හැකි වේ. එමෙන්ම මිලදී ගැනී සඳහා අවසර ඇත්තේ අවුරුදු 18ට වැඩි අයටයි. මෙම නීතිය මඟින් සෑම නිවසකම කංසා පැල 4ක් දක්වා වගා කළ හැකි අතර එම ප්‍රමාණය ඉක්මවා ගියහෝත් එය නීති විරෝධී වෙයි. එමෙන්ම බලපත් ලාභී වෙළෙඳුන්ගෙන් පමණක් කංසා ලබා ගැනීමට මෙම නීතිමය අවසරය ලැබේ.

අඩු වයස් දරුවන් සඳහා කංසා විකුණන පුද්ගලයෙකුට වසර 14ක් දක්වා සිර දඩුවම් මෙම පනක මගින් නීති සකසා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි