×

180ක් අතුරුදහන් කළ ටෝබා වැවේ අනතුර

අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක මඟීන් සංඛ්‍යාවක් සහ මෝටර් බයිසිකල් ප්‍රවාහනය කරවීම මෙම අනතුරට හේතුව බව අනාවරණය වේ.


පසුගියදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී සුප්‍රසිද්ධ ටෝබා Toba වැවෙ හි අතුරුදහන් වූ යාත්‍රා සමග පුද්ගලයන් ද 180 දෙනෙකු අතුරුදන් වූ බව මේ වන විට ගණන් බලා ඇත.

මේ අතරින් 18 දෙනෙකු පමණක් බේරා ගැනීමට හැකි වුවත් ක්‍රමයෙන් අතුරුදහන් වූවන් ප්‍රමාණය වැඩි වෙමින් පවතින බව වාර්ථා වේ.

බෝටා නදියේ යාත්‍රා කළ බෝට්ටුවක් අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක මඟීන් සංඛ්‍යාවක් සහ මෝටර් බයිසිකල් ප්‍රවාහනය කරවීම මෙම අනතුරට හේතුව බව අනාවරණය වේ.

මුදා ගත් 18 දෙනාට අමතරව මෙම අනතුරින් මිය ගිය දෙදෙනෙකුගේ පමණක් සිරුරු මෙහෙයුම් මගින් සොයා ගෙන ඇති අතර ඉතිරි 160 දෙනා සෙවීම සඳහා තවමත් මෙහෙයුම් සිදුවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි