×

2030 වන විට ප්ලාස්ටික් අපද්‍රව්‍ය සංචිතය මෙට්‍රික් ටොන් මිලියන 111ක්

චීනය විසින් අබලි අපද්‍රව්‍ය අපනයනය නැවතීමත් සමග තත්ත්වය උග්‍ර වේ .


චීනය විසින් අනෙකුත් රටවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැනීම නවතා දැමීමෙන් පසු ලෝකය පුරා දැවැන්ත ප්ලාස්ටික් අප්‍රද්‍රව්‍ය ප්‍රමාණයක් ගොඩ ගැසෙමින් තිබෙන බව අනාවරණය වී ඇත‍.

මේ පිළිබඳව පර්යේෂණය සිදු කොට ඇත්තේ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසිනි.

මෙසේ ගොඩ ගැසෙන ප්ලාස්ටික් සංචිත 2030 වන විට මෙට්‍රික් ටොන් මිලියන 111ක්
වනු ඇති බව සමීක්ෂණය මඟින් පෙන්වා දෙයි.

පසුගිය 2017 වසරේ ය දෙසැම්බර් 31 වන දින චීන රජය විසින් මෙතෙක් අනෙක් රටවලින් ප්ලාස්ටික් තොග අපනයනය තහනම් කරන ලදී. ඒ වන තෙක්ම ලෝකයේ රටවල් බොහෝමයකින් ඉවත ලන ප්ලාස්ටික් චීනය මඟින් අපනයනය කරන ලදී. වීශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ ජර්මනිය විසීන් ඉවත ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය චීනය විසින් අපනයනය කරන ලදී. ඒවා ප්‍රතිචක්‍රී කරණයෙන් පසු නැවත භාවිතය චීනය විසින් සිදු කෙරිනි. නමුත් 1992 සිට එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කිරීමේ වැඩ පිළිවලක් මේ වන විටද ක්‍රියා්ත්මක නොවන අද වන විට වැඩි ප්ලාස්ටික් සංචිත ප්‍රමාණයක් ගොඩ ගැසී ඇත.

1992 වසර වන විට චීනය විසින් අපනයනය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටෝන් මිලියන 105කි. එය ලෝකයේ ඉවතලන සමස්ත ප්ලාස්ටික් ප්‍රමාණයේ ප්‍රතිශතයෙන් 45% කි. එම ප්ලාස්ටික් ප්‍රමාණය අති විශාල ගොඩනැගිලි 300කටත් වඩා බරකට සමානය.

චීනය විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය තායිලන්තය, වියට්නාමය, මැලේසියාව යන රටවලින් අපනයනය කළද එම රටවල්ද අපනයනය ප්‍රතික්ෂේපයට කටයුතු කරමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි